Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අලුගෝසුවන් බඳවා ගන්න අවසර ඉල්ලයි

|Thu,12 July 2018 08.08|Special| Page Views : 14

අලුත් පුවත්
තේ තොග අපනයනය සඳහා ස්ථාවර සෙස් බද්දක්
ලෝකාන්තයට කෙටි මඟක්
රංගන හේරත්ගෙන් සමුගැනිම ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි
උදේඝෝෂණයක් නිසා ලෝටස් පාර වැසෙයි
සුළු ජාතික ජනතාවට හානියක් නොමැත
නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතුය
විජයකලාගේ ප්‍රකාශය වරදකි
 
මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් ඒ සඳහා අනුමත අලූගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර ආරංචි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම බඳවා ගැනීමට අවසර ඉල්ලා අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ලිඛිතව දැන් වූ බවයි.

මරණ දඬුවම වැලිකඩ බන්ධනාගාරයේ කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මීට පෙර මරණ දඬුවම කි‍්‍රයාත්මක වූයේ බෝගම්බර බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ පමණයි.

එහෙත් බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැලේ ස්ථාපිත කිරීම හේතුවෙන් එහි මෙම දඬුවම කි‍්‍රයාත්මක කිරීමේ පහසුකම් නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වැලිකඩ බන්ධනාගාරය සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී අලුගෝසුවන් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. ඉන් එක් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වුණේ මීට වසර 03කට පෙරයි. මෙවැනි සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගන්නා අලූගෝසුවන් කෙටි කලකින් එම ධුරය හැරයන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.

අලූගෝසු තනතුරු සඳහා මින් පෙර අවස්ථාවකදී දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වුණා. එහෙත් ඔවුන් පුහුණුව ලබමින් සිටි අතරතුර නිවාඩු ලබා සේවයට ප‍්‍රමාද වී වාර්තා කළැයි ඔවුන් සේවයෙන් නෙරපා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අලූගෝසුවන් යන නම වෙනුවට වෙනත් නමක් භාවිත කිරීම කෙරෙහිද මීට පෙර අවධානය යොමුව තිබුණා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න