Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මරණ දඩුවම සම්බන්දයෙන් ක්‍ෂමා සංවිධානයේ අප්‍රසාදය

|Thu,12 July 2018 10.45|Special| Page Views : 7

අලුත් පුවත්
රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්‍ෂණයක්
තායිලන්ත අගමැති අද දිවයිනට
අලුගෝසුවන් බඳවා ගන්න අවසර ඉල්ලයි
තේ තොග අපනයනය සඳහා ස්ථාවර සෙස් බද්දක්
ලෝකාන්තයට කෙටි මඟක්
රංගන හේරත්ගෙන් සමුගැනිම ගැන ප්‍රකාශයක් නිකුත් වෙයි
උදේඝෝෂණයක් නිසා ලෝටස් පාර වැසෙයි
සුළු ජාතික ජනතාවට හානියක් නොමැත
 
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය හකුලාගනිමින් මෙතෙක් පැවති ධනාත්මක වාර්තාව තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ යුතු බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය පවසනවා.

මරණ දඬුවම කෲර සහ වෙනස් කළ නොහැකි දඬුවමක් බවයි එම සංවිධානය පෙන්වාදෙන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මේ වන විට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපය සඳහා වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දිනුෂිකා දිසානායක මහත්මිය කියා සිටියා.

වසර 40 කට අධික කාලයක් එම දඬුවම ක්‍රියාත්මක නොකර ශ්‍රී ලංකාව පවත්වාගෙන ආ කීර්තිනාමයට ඒ තුළින් හානියක් සිදු වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

දිනුෂිකා දිසානායක මහත්මිය කියා සිටියේ කලාපයේ ඇතැම් රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවක දී ශ්‍රී ලංකාව එම කෲරත්වයෙන් මිදී සිටි බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැලැක්වීමට හෝ අපරාධ සිදුවීම් වැලැක්වීමට හේතුවක් වන බවට කිසිදු සාක්‍ෂියක් නොමැති බව ද ඇය පෙන්වාදෙනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න