Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හුලන්දාව රක්ෂිතයේ දැව ජාවාරමක් වටලයි

|Thu,12 July 2018 12.45|Special| Page Views : 195

අලුත් පුවත්
පැය 09 ක ජල කප්පාදුවක්
පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..
මරණ දඩුවම සම්බන්දයෙන් ක්‍ෂමා සංවිධානයේ අප්‍රසාදය
රියදුරු බලපත්‍රයට පරිගණක පරීක්‍ෂණයක්
තායිලන්ත අගමැති අද දිවයිනට
අලුගෝසුවන් බඳවා ගන්න අවසර ඉල්ලයි
තේ තොග අපනයනය සඳහා ස්ථාවර සෙස් බද්දක්
ලෝකාන්තයට කෙටි මඟක්
 
මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් අනුව මොණරාගල හුලංදාව දකුණ ප්‍රදේශයේ ඇල රක්ෂිතයේ සිදු කළ හදිසි වැටලීමකදී නීති විරෝධීව ජංගම ලී ඉරුම් කට්ටලයක් යොදා ගනිමින් මී ගස් කපා කුට්ටි කළ ජාවාරමක් වැටලීමට සමත් වී ඇති බව වාර්තාකරු පවසයි.

සැකකරුවන් විසින් වසර ගනනාවක් ඉපැරණි මී ගස් කපා කුට්ටි කරමින් සිට ඇති අතර මෙම සැකකරුවන් කලක සිට මෙම ජාවාරමේ නිරත වූ පිරිසක් බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වැටලීම සිදු කර එම ස්ථානයේ තිබූ ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමකින් යුතු මී දැව කඳන් තොගයක්, අත් ට්‍රැක්ටරයක්, ජංගම ලී ඉරුම් කට්ටියක් සහ උපකරණ තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම වැටලීම සිදු වන අතර තුර සැකකරුවන් පලා ගොස් ඇති අතර සැකකරුවන් පිළිබඳ තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

වැඩි දුර විමර්ශන සඳහා දැව තොගය සහ උපකරණ මොණරාගල පොලීසිය වෙත භාර දී ඇති අතර වැඩි දුර විමර්ශන කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සිදු කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න