Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තනි පක්‍ෂයක් පිහිටුවනවාද?

|Thu,12 July 2018 13.07|Political| Page Views :

පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“තනි පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත යන්න ශ්‍රී ලංකාව සඳහා වන කැනේඩියානු තානාපති David Mikeen වෙත ප්‍රකාශ කර ඇත” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

යාපනයේ සංචාරය කල ශ්‍රී ලංකාව සඳහා වන කැනේඩියානු තානාපති David Mikeen 2018.07.11 වන දින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ව කයිතඩිහි පිහිටි ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවී සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව පැයක පමණ කාලයක් පවත්වා ඇති අතර, මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“මාගේ දේශපාලන ආනාගතය පිළිබඳවත්, නව පක්‍ෂයක් පිහිටුවූවාද? යන්න පිළිබඳවත් පුවත්පත් මගින් අනාවරණය කර ඇති තොරතුරු සම්බන්ධයෙන් David Mikeen මාගෙන් විමසූවෙමි. එයට මා ‘මාගේ පක්‍ෂය විසින් ප්‍රධාන අමාත්‍යධූරයට මා පත්කලේ නොමැති නම්, මා හට නිවසට යාමට තිබුණි. නොමැති නම්, අනෙකුත් පක්‍ෂ සමග ඒකාබද්ධවීමට තිබුණි. නමුත්, එක් පක්‍ෂයක් පිහිටුවීමට හැකිය’ යන්න පිළිතුරු ලබාදුන්නෙමි.

නමුත්, මාධ්‍යවේදීන්ට මා ප්‍රකාශ කල කරුණු 02ක් හැර, අවසානයට ප්‍රකාශ කල කරුණ පමණක් එම පුවත්පත්වල සඳහන් කර තිබුණි. තනි පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මා ප්‍රකාශ කළෙමි.

ඒ අතරම, ඔහු අතුරුදහන්කල පුද්ගලයින් පිළිබඳ සොයාබලන කාර්යාලය සම්බන්ධයෙන් උතුරු පළාතේ නීතිය හා සාමය උල්ලංඝනය කරන බවට මාගෙන් විමසුවෙමි. නමුත්, පොලීසිය තම සංඛ්‍යාලේඛණවලට අනුව ඒ ආකාරයෙන් නීතිය හා සාමය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කිසිඳු සිදුවීමක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර ඇත. නමුත්, ඇතැම් සිදුවීම් සිදුවී ඇත. ඒවා ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය යන්න ඔහුද පිළිගෙන ඇත. මේ ආකාරයෙන් දකු‍ණු පළාතෙත් සිදුවන බවට David Mikeen පෙන්වාදී ඇත” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න