Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගැටළුවලට විසඳුම් දැකීමට හැකිය ..

|Fri, 31 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(ලංකාවන් වෙබ් අඩවිය)

“දේශපාලන පක්‍ෂවලට ඔබ්බෙන් ස්ව උත්සාහයෙන් සිදුකරන මහජන සටන් මගින් දෙමළ ජනතාවගේ ගැටළුවලට වි‍සඳුම් දැකිය හැකිය” යනුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

මහවැලි ව්‍යාපෘතිය යන මුවාවෙන් දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීම හෙළාදකිමින් 2018.08.28 වන දින මුලතිව්හි පැවති උද්ඝෝෂණයට සහභාගිවී අදහස් දැක්වූ අවස්ථාවේදී මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. “මෙම මහවැලි ‘එල්’ කලාපයේ අදියර 03ක් ලෙස මෑතක සිට දෙමළ ජනතාවගේ ඉඩම්වල ඔප්පු සිංහල ජනතාවට ලබාදී ඇත. මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී ලබාදුන් ඉඩම් අක්කර 2000ක පමණ ඔප්පු වත්මන් ජනාධිපතිවරයා විසින් ලබාදී ඇත.

දෙවන අදියරය ලෙස, වැලිඔය ප්‍රදේශයේ පදිංචි ජනතාවට දෙමළ මහජන නියෝජිතයින් සමග වව්නියාවේ පැවැත්වූ ජංගම සේවය හරහා ඔප්පු ලබාදී ඇත. අපගේ දෙමළ මන්ත්‍රීවරු මේ ආකාරයෙන් කටයුතු කළහොත්, දෙමළ ජනතාවගේ ඉඩම් ගැටළුව සහ අතුරුදහන්කල පුද්ගලයින් පිළිබඳ ගැටළුවට විසඳුම් දැකීමට නොහැකිය” යනුවෙන් ශිවසක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න