Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වව්නියාවේදී උද්‍ඝෝෂණයක් පවත්වා ඇත...

|Fri, 31 August 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(පදිවු වෙබ් අඩවිය)

සමාජයේ කාන්තාවන්ට එරෙහිව සිදුකරන හිංසාවලට විරෝධය දක්වමින් උතුරු පළාත් කාන්තා සංවිධානයේ සංවිධායකත්වයෙන් 2018.08.30 වන දින 0900 පැයට විරෝධතා පෙළපාලියක් පවත්වා ඇත.

මව්වරුන් ලෙස නමදින කාන්තාවන් මේ වනවිට හෑල්ලුවට ලක්කරමින් සිටියි. මේ ආකාරයෙන් හෑල්ලුවට ලක්කරමින් සිටින කාන්තාවන්ට එරෙහිව ක්‍රියමාර්ග ගත යුතුය. තම නිරවස්ත්‍ර ජායාරූප අන්තර්ජාලයෙන් මුදාහරිමින් සිටින කාන්තාවන්ට එරෙහිව ක්‍රියමාර්ග ගත යුතුය. පාසැල් සිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සහ නවීන ජංගම දුරකථන භාවිතය සහ සන්ධ්‍යා කාලයේ උපකාරක පන්ති යනාදිය තහනම් කළ යුතුය. අනාගතයේදී හිංසනවලට ලක්වීමට ඉඩනොදී, කාන්තාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුය යනාදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් වව්නියාව නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පෙළපාලිය ඒ-9 මාර්ගය ඔස්සේ වව්නියාව, මන්නාරම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ පෙත්සමක් භාරදී ඇත. අදාළ පෙත්සම භාරගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ආදළ ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කර, අදාළ බලධාරීන් දැනුවත් කර විසඳුමක් ලබාදෙන බවට ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න