නිධන් හෑරු කතක් ඇතුළු 7ක් පොලිස් දැලේ
|Mon, 03 September 2018|Security| Page Views :
126
|
|
වව්නියාව, ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව ඕමන්ත පොලීසිය පවසයි.
පොලීසිය ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ(02) මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අදාළ පිරිස ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, අත්අඩංගුවට පත්වූවන් අතර නිධන් ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කොට අදුන බැලීම සිදුකළ පුද්ගලයෙකු සිටින බවද පොලීසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ගල් විදින යන්ත්‍රයක්, අලවංගු, උදලු, ගල් විදීම සඳහා යොදාගත් වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් හමුව ඇති බවද පොලීසිය සඳහන් කළේය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් වව්නියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්රදේශයන්ගේ පදිංචි පුද්ගලයින් වන අතර සැකකරුවන් වයස අවුරුදු 22 ත් 28 ත් අතර පසුවන පිරිසක් වන බවයි.
අත්අඩංගුවට ගත් කණ්ඩායම කලෙක සිට නිධන් ගැනීමේ ජාවාරම සුදානම් කොට ඇති අතර, නිධන් හෑරීමට අවශ්‍ය උපකරණ රැසක්ද සඟවා තිබියදී සොයාගත් බවද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(03) ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
|
|