Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජනතා සංසදයට කාර්යාලයක්

|Mon, 03 September 2018|Security| Page Views :

පරිවර්තනය කලේ(සන්කදී වෙබ් අඩවිය)

දෙමළ ජනතා සංසදයේ නව කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන සහ 12 වන සාකච්ඡාව 2018.08.31 වන දින යාපනයේදී පවත්වා ඇත. යාපනය - පලාලි මාර්ගයේ කන්දර්මඩම් මංසන්දියේ මෙම කාර්යාලය විවෘත කර ඇත. එහිදි දෙමළ ජනතා සංසදයේ සාකච්ඡාවද පවත්වා ඇත. මෙම සාකච්ඡාව පැය 03ක කාලයක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද පවත්වා ඇත.

යාපනය විශ්ව විදයාලයේ මහචාර්ය මෙන්ම දෙමළ ජනතා සංසදයේ නියෝජිතයෙකු වන වි.පි.ශිවනාදන්, යාපනය දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධානවල එකමුතුවේ හිටපු සභාපති කේසවන් යනාදීන් ඒකාබද්ධවී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇත. එහිදි අදාළ සාකච්ඡාවේදී සාකච්ඡා කල කරුණු සම්බන්ධයෙන් ඔවුන් අදහස් දක්වා ඇත.

එහිදි අදහස් දැක්වු ඔවුන්, “ තරුණ සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙනුත්, ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීමට නියමිත අවස්ථාවකදී, එම සැසිවාරය පිළිබඳ දෙමළ පාර්ශවේ ස්ථාවරය කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් අප මෙහිදි සාකච්ඡා කළෙමු. එම සාකච්ඡාවේදී අදහස් දැක්වු බොහෝ දෙනො ප්‍රකාශ කළේ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා දේශපාලනයෙන් ඉවත් නොවිය යුතු බවත්, දෙමළ ජනතා සංසදය මෙන් පොදු සංවිධානයක් ආරම්භ නොකල යුතු බවත් ප්‍රකාශ කළා. ස්වාධින පක්‍ෂයක් ආරම්භ කරනවාද? නැතහොත් වෙනත් පක්‍ෂයක් සමඟ එක්වනවාද යන්න සම්බන්ධයෙන් අප සාකච්ඡා කළෙමු. නමුත්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තීරණය අවසන් තීරණය බව පිළිගෙන සාකච්ඡාව අවසන් කළෙමු” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න