Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යුද හමුදාවෙන් තවත් මානුෂීය මෙහෙයුමක්

|Wed, 12 September 2018|Security| Page Views : 108

අලුත් පුවත්
උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් වැඩ වර්ජනයක
පොලිස් ජිප් රථයත් හොරු අරන්
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
රියුනියන් යන්න ගිය 88ක් කොටු වෙයි
රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
 
පවතින දැඩි නියඟය හමුවේ පානීය ජලය සපයා ගැනීමට නොහැකිව පීඩාවට ලක්ව සිටින කිලිනොච්චිය දිස්ත්‍රික් ජනතාව වෙත පානීය ජලය සපයාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් විසින් ආරම්භ කොට ඇත.

කිලිනොච්චිය, භාරතිපුරම් ප්‍රදේශයේ ජනතාව පානීය ජලය සපයා ගැනීමේ දැඩි අපහසුතාවයට ලක්ව සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතාගේ උපදෙස් පරිදි ප්‍රදේශයේ ජනතාව වෙත කිලිනොච්චිය යුද හමුදා නිලධාරීන් පානීය ජලය සපයාදීම සිදුකරනු ලැබීය.

කිලිනොච්චිය යුධ හමුදා නම වන විජයබාහු රෙජිමේන්තු නිලධාරීන් විසින් ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට මුහුණ දී සිටින ජනතාව වෙත යුද හමුදා ජල බවුසර යොදාගෙන පානීය ජලය සපයාදීම සිදු කළහ.

කිලිනොච්චිය භාරතීපුරම් විද්‍යාලයේ හා කිලිනොච්චිය අන්නායිසාරධා විද්‍යාලයේ දරුවන් වෙතද කිලිනොච්චිය යුධ හමුදා නිළධාරීන් පානීය ජලය සපයාදීම මේ දිනවල සිදුකරති.

කිලිනොච්චිය,යාපනය,වවුනියාව,මුලතිව් යා මන්නාරම දිස්ත්‍රික්ක තුළ නියඟය හේතුවෙන් පවුල් ලක්ෂයක පමණ පිරිසක් මේ වන විට පීඩාවට ලක්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථාන නිළධාරීන් පවසති.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න