Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශිකයන් ලංකාවේ පදිංචි කරලා නෑ ?

|Wed, 12 September 2018|Security| Page Views :

මෙරට කිසිදු ප්‍රදේශයක විදේශිකයින් හෝ විදේශීය පවුල් පදිංචි කර නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක් වන නැදුන්කර්නි ගම්මානයේ ඉන්දීය පවුල් 250ක් පදිංචි කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ උතුරු පලාතේ නැදුන්කර්නි, මරතෝඩිය ප්‍රදේශයේ ඉන්දියානුවන් පිරිසක් පදිංචි කර ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ගැටුම් පැවති සමයේ රැකවරණ පතා ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින් 10,675 දෙනෙකු යුද්ධය අවසන්වීමෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් වන අතර ලාංකික පුරවැසිභාවය ඔවුන් විසින් තහවුරු කර ඇති බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න