Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හෙරොයින් සමඟ 2 ක් අත්අඩංගුවට

|Wed, 12 September 2018|Security| Page Views :

කොළඹ ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ, ආරාම පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 300ක් සමඟ 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව ඔහු දෙමටගොඩ පොලිසියට භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර මෝදර, තොටලග ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 450 ක් සමඟ 36 හැවිරිදි පුද්ගලයෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න