Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

එංගලන්ත කණ්ඩායමට විශිෂ්ට ජයක්

|Wed, 12 September 2018|Security| Page Views :

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය 04 ට එකක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වී තිබේ.

ඒ ඊයේ (11) පැවති පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය එංගලන්ත කණ්ඩායම ලකුණු 118 කින් ජයග්‍රහණය කිරීමත් සමඟ යි.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 332ක් ලබා ගත්තේය.

ඊට පිලිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියළු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 292 ක් පමණි.

ලකුණු 40 ක වාසියක් සිය දෙවනි ඉනිම ආරම්භ කල එංගලන්ත කණ්ඩායම කඩුලු 08 කට ලකුණු 423 ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන් අතර ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 464 කි.

එම ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමට දෙවෙනි ඉනිමේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 345 ක් පමණ යි.

ඉන්දීය දෙවෙනි ඉනිම වෙනුවෙන් ලෝකේෂ් රාහුල් ලකුණු 149 ක් සහ රිෂ්බා පාන්ට් ලකුණු 114 ක් ලබා ගත්තේය.

මෙම තරඟය එංගලන්ත ආරම්භක පිතිකරු අලෙස්ටියාර් කුක්ගේ අවසන් ජාත්යරන්තර තරඟය වන අතර අවසන් ඉනිමේදී ඔහු ලකුණු 147 ක් රැස් කිරීමට සමත් විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න