Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය ක්‍රීඩිකාවෝ විශිෂ්ට ජයකින් තරගාවලියට අවතීර්ණ වෙති

|Wed, 12 September 2018|Security| Page Views :

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (11දා) පැවැත්විණි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 99ක පහසු ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය පිතිකාරිනියෝ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ 19.5 වැනි පන්දුවාරයේදී සිය ඉලක්කය පසුකර යාමට සමත් වූහ. මෙහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා නොදැවී ලකුණු 73ක් රැස් කළාය. පන්දු 76කදී ගොඩනැගුණු ඇගේ ඉනිමට හයේ පහර 02ක් හා හතරේ පහර 11කින් වර්ණවත් විය. බිඳවැටුණු එකම කඩුල්ලේ හිමිකාරිනිය ඉනෝකා රණවීර විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට පන්දුවාර 35.1කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98ක් පමණි. ඉනිම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ප්‍රබල උත්සාහයක් ගත් නායිකා චමරි අතපත්තු ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වෙමින් ලකුණු 33ක් රැස් කළාය. ශ්‍රී ලංකාවට ප්‍රබලම බලපෑම එල්ල කළ මන්සි ජෝෂි කඩුලු 03 බිඳළීය.

මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ඉන්දීය කාන්තා කණ්ඩායම මේ වනවිට පෙරමුණගෙන සිටියි.

ශ්‍රී ලංකාව 98/10 (පන්දුවාර 35.1)

චමරි අතපත්තු 33 (93, 4x2), ශ්‍රීපාලි වීරක්කොඩි 26 (32, 4x3), ඩිලානි මනෝදරා 12 (19, 4x1), මන්සි ජෝෂි 3/16 (6.1), ජූලන් ගොස්වාමි 2/13 (8)

ඉන්දියාව 100/1 (පන්දුවාර 19.5)

එස්. මන්දනා නොදැවී 73 (76, 4x11, 6x2), පුනම් රාවුට් 24 (41, 4x2), ඉනෝකා රණවීර 1/5 (2)


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න