Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡා

|Wed, 12 September 2018|Security| Page Views :

ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද (12) තීරණය ඇත.

ලාඕසයේ අග්‍රාමාත්‍ය තොන්ග්ලෝන් සිසෝව්ලිත් (Thongloun Sisoulith) හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අවස්ථාවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවත්වා ඇත.

එහිදී තවදුරටත් අවධාරණය කෙරුණේ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරලීම ඔස්සේ සකස් වෙන ශක්තිමත් පදනම මත, වර්තමාන වෙළඳ, ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතාවන් ද තව තවත් පුළුල් කළ යුතු බවය.

ශ්‍රී ලාංකිකයනට ලාඕසයේ වීසා රෙගුලාසි ලිහිල් කරලීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා සිසෝව්ලිත් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කළේය.

2009 වසරේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය සිහිපත් කරමින් අදහස් දැක්වූ සිසෝව්ලිත් මහතා වික්‍රමසිංහ මහතාට ලාඕසයේ සංචාරයක යෙදෙන මෙන් ද ආරාධනා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න