Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලේකම්වරයාගෙන් සරණාගත දෙමළ ජනතාවට ආරාධනාවක්

|Fri, 28 September 2018|Security| Page Views :

දෙමළ ජනතාව විවිධ දුක්පීඩා මධ්‍යයේ ජීවත්වෙමින් සිටින බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් මානික්කම් විජයකුමාර් ප්‍රකාශ කර ඇත.

ස්විට්සර්ලන්තයේ මුනෙයිප්පු සංවිධානයේ සංවිධායකත්වයෙන් ස්විට්සර්ලන්තයේ ලූසේන් නගරයේදී එහි නායක එම්.කුමාරසාමි‍ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් පවත්වා ඇත. මෙම වැඩසටහනට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථාවේදී මානික්කම් විජයකුමාර් මේ බව ප්‍රකාශ කර ඇත. “ජනතාව තමන් අත්විඳින දුක්පීඩාවලින් මීදීමට ඔවුන්ගේ ජීවිතයේ සහ සිතුවිලිවල වෙනසක් ඇතිකළ යුතුය. අසරණ ජනතාවගේ ජීවානෝපාය නගාසිටුවීම සඳහා වන උපකාර ලබාදී ඇති අතර, ඔවුන් මධ්‍යයේ අවබෝධයක් ඇතිකිරීමේ වැඩපිළිවෙලක් ඉටුකළ යුතුය. මඩකලපුව දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාව පිළිබඳව සරණාගතව ජිවත්වන දෙමළ ඥාතීන් විසින් වැඩි උනන්දුවක් දැක්විය යුතු අවශ්‍යතාවයක් ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමට එම දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා කර්මාන්ත ඇතිකිරීමේ අවශ්‍යතාවයක් ඇති බැවින් ඒ සදහා මුන්නේප්පු වැනි සංවිධාන සහයෝගය ලබාදිය යුතුය” යනුවෙන් මානික්කම් විජයකුමාර් ප්‍රකාශ කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න