Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නාමල්ගේ-නාලකගේ හඬපට පරික්ෂාවට ජාත්‍යන්තර සහය පතයි

|Mon, 15 October 2018|Security| Page Views : 4

අලුත් පුවත්
අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි රැස්වීමට නියමිතයි
ජිවන වියදම් සූත්‍රයක් ඉල්ලා 23දා කොළඹ විරෝධතාවයක්
මහින්ද අගමැති කරන්න විදෙස් රටකින් බලපෑම්
නව අගවිනිසුරු නලීන් පෙරේරා දිවුරුම් දෙයි
මං ජනාධිපති වුනොත් පෙරපාසැල් ගුරුවරියන්ට වැටුපක් දෙනවා..- නවීන්
තානාපති කාර්යාලය තුලදී සවුදි මාධ්‍යවේදියා ඝාතනය කරලා - තුර්කිය රහස් හොයා ගනියි (PHOTOS)
ජය පරාජයක් නැතිව තවත් තරගයක් නිමා වෙයි
 
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතන සංවාදවල ඇතැම් කොටස් විනාශ වී ඇත්දැයි සෙවීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෙරට පවතින තාක්ෂණ ක්‍රමවේද ප්‍රමාණයත් නොවීම හේතුවෙන් මෙම පියවර ගෙ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා දැනුවත් කර ඇති අතර ඔහු සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මෙම දුරකතන සංවාදවල හඬ පට කුමන රටකට යොමු කරන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා තොරතුරු අනාවරණය කළේය.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමඟ සිදු කළ දුරකතන සංවාදයක් උපුටා දක්වමින්ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කළ අතර අදාළ දුරකතන සංවාදය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාගේ කටහඬ සාම්පල් ලබා ගැනීමට ද පියවර ගතේය.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව මඟින් කටහඩ සාම්ල ලබාගත අතර ඒවා පසුගියදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න