Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහල් මිල රු.10කින් පහළට

|Mon, 15 October 2018|Security| Page Views : 4

අලුත් පුවත්
විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?
කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
හිමාල අනතුරින් මළ 9 දෙනාගේ සිරුරු හමුවේ
වෙළඳ සැලක ගින්නක් !


 
දේශීය සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩුකිරීමට වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට එකඟතාව පළකර ඇත. මෙරට සිටින සියලුම වී මෝල් හිමියන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී වීමෝල් හිමියන් මෙලෙස එකඟතාවය පළකර ඇත.

දේශීය සහල් මිල සඳහා පාලන මිලක් හඳුන්වාදීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ. වර්තමානයේ දේශීය සහල් මිල අධික බැවින් කිසියම් සහනයක් පාරිභෝගික ජනතාව වෙත ලබාදිය යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල් ව්‍යාපාරිකයන් වෙත පවසා තිබේ. ඒ අනුව එම ඉල්ලීමට එකඟ වී ඇති එම ව්‍යාපාරිකයන් දේශීය සහල් මිල රුපියල් 10කින් අඩුකිරීමටත් ඒ අනුව නව මිල සහල් ඇසුරුම් කවරවල සඳහන් කිරීමටත් එම ව්‍යාපාරිකයන් එකඟතාව පළකර තිබේ.

මේ අතර ඉදිරියේදී කිසිදු සහල් හිඟයකින් තොරව දේශීය සහල් වෙළෙඳ‍පොළට මුදාහැරීම සඳහා ප්‍රමාණවත් තරම් වී තොග තමන් සතුව පවතින බවද වී මෝල් හිමියන් ඇමැතිවරයා වෙත පවසා තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න