Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සමස්ත ශූරතාව බස්නාහිර පළාතට

|Mon, 15 October 2018|Miscellaneous| Page Views : 8

අලුත් පුවත්
මට අවස්ථාවක් දුන්නොත් ලෝක කුසලානට සූදානම්
සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
සහල් මිල රු.10කින් පහළට
විවාහ නොවී දරුවන් හදපු දසුන් හදිසියේම විවාහ වෙන්නට තීරණය කළේ ඇයි?
කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?
හිමාල අනතුරින් මළ 9 දෙනාගේ සිරුරු හමුවේ
 
පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (14දා) නිමාවූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් විය. මේ අනුව මෙවර ජයග්‍රාහී බස්නාහිර පළාතට ජනාධිපති රන් කුසලාන හිමිවිය. සමස්ත ශූරතාව දිනාගත් බස්නාහිර පළාතට රන් පදක්කම් 101ක්, රිදී 86ක් සහ ලෝකඩ 76ක් හිමිවිය.

මෙවර තරගාවලියේ සමස්ත අනුශූරතාව රන් පදක්කම් 46ක්, රිදී 41ක් සහ ලෝකඩ 53ක් හිමිකරගත් මධ්‍යම පළාත සතු වූ අතර, තෙවැනි ස්ථානය රන් 31ක්, රිදී 34ක් සහ ලෝකඩ 44ක් හිමිකරගත් දකුණු පළාත සතුවිය. මෙවර ක්‍රීඩා උළෙල යටතේ පැවැති මලල ක්‍රීඩා තරග ආශ්‍රිතව පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට දකුණු පළාත සමත් විය.

උස පැනීම ඉසව්වේදී ප්‍රදර්ශනය කරන ලද මීටර් 2.21 දක්ෂතාව පදනම් කර ගනිමින් දකුණු පළාතේ ඩබ්ලිව්.පී. මංජුල කුමාර අතිශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ අතර, අති ශූරතම ක්‍රීඩිකාව ලෙස තුන් පිම්ම ඉසව්වේදී ප්‍රදර්ශනය කරන ලද මීටර් 13.26 දක්ෂතාව පදනම් කර ගනිමින් වයඹ පළාතේ බි.එම්. හෂිනි ප්‍රබෝධා තිළිණ ලැබුවාය.

පසුගිය බදාදා සවස ආරම්භ කෙරුණු මෙවර මලල ක්‍රීඩා තරගාවලියට වර්ෂාවෙන් දැඩි බාධා එල්ලවීම හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය උපරිම දක්ෂතාවන් අතරට පැමිණීමට නොහැකි විය. පිරිමි මිටිය විසිකිරීම ඉසව්වේදී මීටර් 50.86ක දක්ෂතාවක් ප්‍රදර්ශනයකළ වයඹ පළාතේ චරිත් කපුකොටුව මෙවර ක්‍රීඩා උළෙ‍ලේ පළමු තරග වාර්තාව පිහිටුවීමට සමත් විය.

මෙවර 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අතර, ඊට මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න