එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර
|Fri,23 Sep 2016 14.38|Miscellaneous| Page Views :
42
42
42
|
|
සියලුම එච්.අයි.වී. ආසාදිතයින්ට නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
මේ වන විට මෙරටින් එච්.අයි.වී ආසාදිතයින් 2436 දෙනෙකු වාර්තා වී ඇති බව ඔහු පවසයි.
එච්.අයි.වී. සහ ඒඩ්ස් මර්දන කටයුතු විධිමත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රතිකාර සායන මධ්‍යස්ථාන 30ක් ස්ථාපිත කර ඇති අතර ජංගම සායන 22ක් ස්ථාපිත කර ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ ලිංගික කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් වන බවයි.
|
|