Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කෝඩුකාර මන්ත්‍රිනියන්ට ජනතා අවලාද

|Thu,06 June 2019|Gossip| Page Views : 262

අලුත් පුවත්
ඉන්දියාවට කඩුලු 06ක පහසු ජයක්
දශක දෙකකට ආසන්න iTuens වලට නිල වශයෙන් සමුදීම සිදුකරයි
අසත්‍ය ප්‍රවෘත්තිවටල නීතිය තදින්
කුඹුරේ ආරක්ෂාවට තිබූ විදුලි වැටට ගොවියෙක් බිලි
කැළණිය සරසවිය යළි ඇරඹේ
පුජිත් හා හේමසිරි අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන්ට
ජාතිවාදයට යටත්වූ බව පෙන්වාදෙන්නෙමි!
 
පසුගිය මස පැවැති මහ මැතිවරණයෙන් නවක මන්ත්‍රිවරියන් ලෙස ඉන්දීය පාර්ලිමේන්තුවට හෙවත් ලෝක් සභාවට තේරී පත්වූ රූමත් තරුණ බෙංගාලි නිළියන් දෙදෙනකුට සමාජ මාධ්‍ය ජාලා රසිකයන් වෙතින් උපහාරවලටත් වඩා උපහාස ප්‍රතිචාර ලැබෙමින් පවතී.

මිමි චක්‍රබෝර්ති සහ නුස්රත් ජහාන් නමැති මෙම ජනතා නියෝජිතවරියන් දෙපළ මැතිවරණයට තරග කරන ලද්දේ මම්තා බෙනර්ජී නායකත්වය දරන සමස්ත ඉන්දීය තෘණමූල සම්මේලනයෙනි (All India Trinamool Congress). මම්තා බෙනර්ජී යනු බටහිර බෙංගාලයේ මහ ඇමැතිනියයි.

මෙම උපහාසාත්මක වාග් ප්‍රහාරය ඔවුන් දෙදෙනා වෙත එල්ල වීමට හේතු වූයේ පසුගිය සඳුදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ එම පරිශ්‍රයේ සිට ලබාගත් ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාව තුළට මුදා හැරීමයි. එම ඡායාරූපවල ඔවුන් සැරසී සිටි නවීන පන්නයේ විසිතුරු ඇඳුම්, මන්ත්‍රී ධුරයට නොහොබිනා බව ඇය උපහාසයට ලක් වන ආකාරයෙන් පළවූ අදහස්වල හරය විය.

“පාර්ලිමේන්තුව ඉදිරියේ ජනතා නියෝජිතවරියන් පෙනී සිටිනේනේ මෙහෙමද? මේ චිත්‍රපටයක් රූපගත කරන අවස්ථාවක් නොවේ. මායාවෙන් මිදෙන්න, තරුණියනි!” යනුවෙන් එක් පුද්ගලයකු ලියා තිබිණි. “ඇත්තටම තැනට සුදුසු ලෙස සැරසීමට ඔබ නොදනිති.

පාර්ලිමේන්තුව යනු උත්තරීතර ආයතනයකි. දර්ශන තලයක් හෝ විනෝද වන ස්ථානයක් නොවේ. තම ගෞරවය සුරැකෙන ලෙස හැසිරෙන්නට වග බලාගන්න.” යනුවෙන් තවත් අදහස් දැක්වීමක අවවාදාත්මකව සඳහන් විය. “පාර්ලිමේන්තුව යනු ජනතා ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කෙරෙන, නීති සම්පාදනය කරන වැදගත්ම ස්ථානයකි. මෙවැනි තැන්වලට ඔබ නොගැළපේ.” යැයි තවත් ඉන්ස්ටග්‍රෑම් සාමාජිකයකු සිය විනිශ්චය ප්‍රකාශ කළේය.

නමුත් තම පක්ෂයේ යොවුන් මන්ත්‍රිනියන්ගේ ඇඟලුම් විලාසය හා ක්‍රියාකලාපය මහ ඇමැතිනි මම්තා බෙනර්ජී ප්‍රසිද්ධියේ අගය කර ඇත. එම පක්ෂයෙන් ඉවත් වී, සිවු සේනා පක්ෂයට එක්වූ ප්‍රියංකා චතුර්වේදී ද, නවක මන්ත්‍රිනියන් දෙදෙනා හට සුබ පතා තිබේ.

“පාර්ලිමේන්තුවට පත්වීම ගැන මම ඔබට සුබ පතමි. ඔබ දෙදෙනා සැරසුණු ආකාරයට මා කැමතිය. කාලය වෙනස් වෙමින් තිබේ. ඉදිරියටම යන්න!”

පාර්ලිමේන්තුවට තේරීමෙන් පසු පමණක් නොව අපේක්ෂකත්වයට නම් කරන ලද අවස්ථාවේ පවා මෙවැනි මඩ ප්‍රහාර ඔවුන් වෙතට එල්ල විණි. එවැනි අවස්ථාවක චක්‍රබෝර්ති මෙනෙවිය දැක්වූ ප්‍රතිචාරයද කර්කශ විය. “කවුරුන් කුමන අවලාද නැඟුවත් මගේ ගමන නොනවත්වන්නෙමි. පිස්සන්ගේ සහ මෝඩයන්ගේ කතාවලට වැදගත්කමක් දීමට මට අවශ්‍ය නැත.”

කවර චෝදනා, විවේචන හා අවලාද එල්ල වුවද මෙම නිළියන් දෙදෙනාම බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් ඔවුන් නියෝජනය කළ ජදාව්පූර් හා බාසිරාට් කොට්ඨාසවලින් ජයග්‍රහණය කරන ලද්දේ ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණයන් ලබාගනිමිනි. මිමි චක්‍රබෝර්ති හට වැඩි ඡන්ද 295,239ක් ලැබුණු අතර නුස්රත් ජහාන් හට 350,369ක් ලැබිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න