Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බංග්ලාදේශයේ බලාපොරොත්තු බොඳ වේ

|Wed,03 July 2019|Special| Page Views : 104

අලුත් පුවත්
ගිනි අවියක් සමඟ අත්අඩංගුවට
පොලිස්පති පුජිත් වාර්තා අතරට එක් වෙයි
අද කාලගුණය
හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති CID අත්අඩංගුවට
පොලිස්පතිත් රෝහලට
මම රටේ බදු මුදලින් වැටුපක් ගන්නේ නෑ-මාලිංග
හම්බන්තොට මහ රෝහල ජනතා අයිතියට
මාදම්පේ ගින්නකින් ලොරි 2ක් විනාශයි
 
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 28 කින් ජය ගනිමින්.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම ඉන්දීය කණ්ඩායම වනවා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.

රෝහිත් ශර්මා මෙවර තරගාවලියේ සිය සිව්වන ශතකය වාර්තා කරමින් ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. ඒ අනුව එක් ලෝක කුසලාන තරගාවලියක ශතක 4 ක් වාර්තා කරමින් කුමාර් සංගක්කාර තැබූ වාර්තාව සම කිරීමට රෝහිත් ශර්මා මෙහිදී සමත් වුණා.

ලකුණු 315 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 286 ක් පමණයි. මෙවර තරගාවලියේ සිව් වන අර්ධ ශතකය වාර්තා කරමින් ශකීබ් අල් හසන් ඊයේ තරගයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. පන්දු යැවීමේදී ජස්පි‍්‍රට් බුම්රා ලකුණු 55 කට කඩුළු 4 ක් බිද හෙළුවා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ශතකයක් වාර්තා කළ රෝහිත් ශර්මායි.

ජාත්‍ය්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය සංවිධාන කරන තරගාවලි හිදී ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් 6 වන අවස්ථාව මෙය වනවා. බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගය පරාජයවීමත් සමග ඔවුන් අවසන් පූර්ව වටය පිළිබද තැබූ බලාපොරොත්තු බොඳව ගියා.

මේ වනවිට ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර එම වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් දෙක තීරණය වන්නේ එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තානය අතර ඉදිරියේ පැවැත්වෙන තරගවල තීරණ අනුවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න