මයිලෝ කුසලානය අදින් ඇරඹේ
|Thu,04 July 2019|Miscellaneous| Page Views :
88
|
|
ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහය ඇතිව 27 වැනි වරටත් සංවිධානය කරනු ලබන පිළිමලුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය අද (04දා) සිට ජූලි 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී හා කොළඹ ශා. පීතර විදුහල් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ ජනාධිපති කුසලානය වෙනුවෙන් කොළඹ රාජකීය, මහනුවර විද්‍යාර්ථ, වෙස්ලි, ගල්කිස්ස ශා.තෝමස්, මරදාන ශා. ජෝෂප්, ඉසිපතන, මහනුවර කිංස්වුඩ්, බම්බලපිටිය ශා. පීතර විදුහල් ඉදිරිපත්ව ඇති අතර අගමැති කුසලානය වෙනුවෙන් ලුම්බිණි, රත්ගම දේවපතිරාජ, කොළඹ ආනන්ද, ගාල්ල ශා. ඇලෝසියස්, මොරටුව වේල්ස් කුමර, මහනුවර ශා. සිල්වෙස්තර, තර්ස්ටන් සහ පිළියන්දල මැදි විදුහල තේරී පත්ව සිටිනවා.
තවද නුගේගොඩ ශා. ජෝන්, කොළඹ අසෝක, කේරී, මාතලේ ශා. තෝමස්, පානදුර සුමංගල, ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි, කොළඹ නාලන්ද සහ ඉබ්බාගමුව මැදි විදුහල් කණ්ඩායම් සභාපති කුසලානය වෙනුවෙන් තරග වැදීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැති අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර, ලේකම් නිරෝධ විජේරාම හා භාණ්ඩාගාරික දමිත පෙරේරා, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ, අලෙවි කළමනාකරු මොහොමඩ් අලී, ක්‍රියාකාරකම් කළමනාකරු සජීව වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම වෙස්ලි, කිංස්වුඩ්, විද්‍යාර්ථ, ශා. පීතර හා ඉසිපතන යන කණ්ඩායම්වල නායකයන්ද එක්ව සිටියා.
|
|