Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලංකාව ගෙදර එද්දී මඩුගල්ලේ හා ධර්මසේන අවසන් පූර්ව තරගයට

|Mon,08 July 2019|Gossip| Page Views : 273

අලුත් පුවත්
වියළි කාලගුණයෙන් දිසා 17ක 4,50,000කට පීඩා
ශ්‍රී ලංකාවේ හජ් වන්දනා කෝටාව ඉහළට
මෝටර් රථවලින් තොර දිනයක්
ජවිපෙ අද කලුතරින් එයි
ස්වර්ණාභරණ ආයතනයක හදිසි ගින්නක්
ශ්‍රී ලංකාවේ වර්ග ඵලය ගණනය කිරීමට සැරසෙයි
හැදුනුම්පත් නිකුත් කිරීම සැත්තැම්බර් මාසයට පෙර
සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද විරෝධතාවයක
 
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා දායකත්වය දක්වනු ලබන නිල විනිසුරුවරුන් හා තරග සංවිධායක මණ්ඩලය ICC ය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව හා නවසීලන්තය අතර 9 වැනිදා මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය සඳහා එංගලන්ත ජාතිකයන් දෙදෙනෙක් වන රිචර්ඩ් ඉලන්ගවර්ත් සහ රිචර්ඩ් කෙට්ල්බ්‍රෝ යන විනිසුරුවරුන් පත්කර තිබෙනවා.

එසේම බර්මින්හැම් හිදී 11 වැනිදා පැවැත්වෙන ඕස්ට්‍රේලියා – එංගලන්ත දෙවන අවසන් පූර්ව තරගය සඳහා ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන හා දකුණු අප්‍රිකානු ජාතික මරායස් එරාමුස් විනිසුරුවන් ලෙස නම් කර තිබෙනවා.

පිටියේ තරග විනිසුරුවරුන් ලෙස ඉහත දැක්වූ විනිසුරුවරුන් පත්වන විට පළමු අවසන් පූර්ව තරගයේ තෙවන විනිසුරු, සිව්වැනි විනිසුරු හා තරග තීරක ලෙස පිළිවෙළින් ඕස්ට්‍රේලියානු ජාතික රෝඩ් ටකර්, එංගලන්ත ජාතික නයිජල් ලෝන්ග් හා ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන් පත්කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තයේ ක්‍රිස් ගැෆ්නි තෙවන විනිසුරු ලෙසත්, පාකිස්තානයේ අලීම් ඩාර් සිව්වැනි විනිසුරු ලෙසත් රාජකාරි සඳහා තේරී පත්වන විට එම තරගයේ තරග තීරක ලෙස තේරී පත්ව ඇත්තේ අත්දැකීම් බහුල තරග විනිසුරුවරයෙක් වන ශ්‍රී ලංකාවේ රංජන් මඩුගල්ලයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න