Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මාළු ඇල්ලූ 09ක් අත්අඩංගුවට

|Thu,11 July 2019|Miscellaneous| Page Views : 123

අලුත් පුවත්
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක දිවයිනට
අමෙරිකාවට කුණාටුවකින් දැඩි බලපෑම්
ඉරානය බ්‍රිතාන්‍යයට අනතුරු අඟවයි
අවසන් තරගයට එංගලන්තය ද? ඕස්ට්‍රේලියාව ද?
දෝනී සමුගනීද?
මෙම මස 18 සහ 19 ගුරුවරු සහ විදුහල්පතිවරු අසනිපවෙන්න යයි
නයගරා ඇල්ලෙන් ඇදවැටී පුද්ගලයෙකුගේ දිවි බේරෙයි
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද
 
නාවික හමුදාව විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ දී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (10) දින වයඹ විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදී ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 58 ත් අතර වයසැති කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, තහනම් ධීවර දැල් 04 ක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 51 ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න