Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජයග්‍රහණය වේදිකාවල ප්‍රකාශ කර ලකුණු ලබානොගත යුතුය

|Wed,17 July 2019|Political| Page Views : 67

අලුත් පුවත්
රුහුණේ පීඨ 3ක් අද විවෘත කෙරේ
නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
අනතුරකින් දෙදෙනෙක් රෝහලේ
පැය 24ට බීමත් රියදුරන් 139ක් පොලිස් දැලේ
බේකරි මිල සංශෝදනය සම්බන්ධයෙන් වන තීරණය අද
තැපැල් සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා
හේමසිරි ප්‍රනාන්දුගෙන් CID යට පැය නවයක ප්‍රකාශයක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“මා විසින් සිදුකරනු ලබන සියළු උත්සාහයන්වලින් පසුව ලැබෙන ජයග්‍රහණය වේදිකාවල ප්‍රකාශ කර ලකුණු ලබානොගත යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත.

කිළිනොච්චි දිස්ත්‍රික්කයේ මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවය 2019.07.14 වන දින පාසලේ ශ්‍රවණාගාරයේදී පවත්වා ඇත. එයට සහභාගි වී අදහස් දැක්වූ අවස්ථා‍වේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “මුලතිව් නිරාවියඩි පිල්ලෙයාර් කෝවි‍ල සහ ත්‍රිකුණාමලය උණුවතුර ළිං පිහිටි ස්ථානයේ ඉදිකර ඇති විහාරස්ථානය අමාත්‍යවරයා නීරීක්‍ෂණය කළ යුතුය.

අදාළ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුය. එවැනි කටයුතු නතර කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය. ඔහු ප්‍රකාශ කළ කරුණු 02ම හින්දු ජාතිකයින්ටත්, වෙනත් ජාතීන් සහ වෙනත් ආගමිකයින් යනාදීන් අතර ගැටළුවකි. ඔහු මන්නාරම ඇතිවූ ගැටළුව ප්‍රකාශ කර නොමැත. එහි ඇතිවී ඇති ගැටළුව දෙමළ ජනතාව මධ්‍යයේ එනම්, කතෝලික, හින්දු තරුණයින් අතර ගැටළුවකි. අදාළ ගැටළුව මා තුලම ඇති ගැටළුවකි.

එම ගැටළුවට පළමුව විසඳුමක් ලබානොදී, අනෙක් ගැටළු දෙකම විසඳන අවස්ථාවේ මා හට බලපෑම් කරනු ඇත. ඒ හේතුවෙන්, පළමුව මා තුලම ඇති ගැටළුව විසඳීමට සහයෝගය ලබාදිය යුතුය. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, මෙම වැඩසටහනට සහභාගි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් මන්නාරමේ සිටින සෙල්වම් අඩෙයික්කලනාදන් සහ චාල්ස් නිර්මලනාදන් යනාදීන්ට පෙන්වාදී මාහට සහයෝගය ලබාදීමට ඉදිරිපත්විය යුතුය.

එලෙස සහයෝගය ලබාදුන්නහොත් පමණක්, විසඳුමක් ලබාගත හැකිය. සහයෝගය නොමැතිව හිස් අදහස් ප්‍රකාශ කිරීමට ‍නොහැකිය. එයට ඔබ්බෙන් එම ප්‍රදේශයේ සහ මෙම ප්‍රදේශයේ සංචාරය කර ගැටළු සඳහා විසඳුම් සොයා ජයග්‍රහණය කරන අවස්ථාවේදී, මා සටන් කර ජයගත්තෙමි යන්න නම් සඳහන් කිරීමට උත්සාහ නොකළ යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

මෙම වැඩසටහනට සහභාගි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් මේ සම්බන්ධයෙන් ඔහු හට පෙන්වාදෙනු ඇතැයි යන්න විශ්වාස කරනු ඇත. දෙමළ ජනතාවගේ අයිතීන්, ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් දෙමළ ජනතාව වශයෙන් අප එක්විය යුතුය. දෙමළ ජනතාවගේ ගැටළු සඳහා එක් හඬකින් ආයුධයක් ලෙස අප සටන් කළ යුතුය.

ඒ සඳහා මා සියළුදෙනාට ආරාධනා කරන්නෙමු. එලෙස එක්වී එක් හඬකින් ආයුධයක් ලෙස කටයුතු කිරීමට අකමැති නම්, ඔබලා තනිව කටයුතු කළ යුතුය. මා මාගේ මාර්ගය ඔස්සේ තනිව කටයුතු කරන්නෙමි” යනුවෙන් අමාත්‍ය මනෝගනේෂන් ප්‍රකාශ කර ඇත‍.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න