Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තද සුළං තත්ත්වය තවදුරටත්

|Fri,19 April 2019|Special| Page Views : 328

අලුත් පුවත්
දිස්ති‍්‍රක් 4 කට නායයාමේ අනතුරු ඇගවීම්
මධ්‍යම කදුකරයට තවදුරටත් තද වැසි
කැළණි ගඟ දෙපස ජනතාවට අනතුරු ඇඟවිම්
තුර්කි නැවියන් 10ක් මුහුදු මංකොල්ලකරුවන්ට හසුවේ
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් දිවයිනට
මත්කුඩු ළඟතබා ගත් තරුණයාට මරණීය දණ්ඩනය
බංග්ලාදේශ සංචාරයෙන් පසු ක්‍රිකට් පුහුණුකරුවන් සියල්ලන්ම ඉවතට
පාස්කු කාරක සභාව 24 දා මාධ්‍යයට විවෘත නෑ
 
දිවයින හරහා සහ දිවයිනට වටා වන මුහුදු ප‍්‍රදේශවල දැනට පවතින අධික වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේද අපේක්‍ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වන ඉතා තද සුළං ඇති විය හැකියි.

මේ අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයත් 150 ත් අතර තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. වයඹ පළාතේ මෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක තරමක තද වර්ෂාපතනයක්ද අපේක්‍ෂා කළ හැකියි.

මේ අතර මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවීම හා මුහුදු ප‍්‍රදේශ රළුවීම හේතුවෙන් ලබන 20 වනදා පෙරවරුව තෙක් ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න