Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රෝහල් අපද්‍රව්‍ යළි එංගලන්තයටම යවන්නැයි නියෝග

|Sat,20 July 2019|Special| Page Views : 96

අලුත් පුවත්
කොළඹදී බ්‍රේක් නැති ලොරියක් ත්‍රිරෝද රථ 07ක ගැටේ
ගංජා කිලෝ 203ක් සමඟ අයෙක් අත්අඩංගුවට
බීඩි කොළ තොගයක් නාවික හමුදා බාරයට
පස් කඳුවලට යටවෙන මිනිස්සු හොයන්න සුනඛ බළකායක්
රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අද අවලංගු කෙරේ
නායයෑමෙන්අ තුරුදහන්ව සිටි ව්‍යපාරිකයාගේ සිරුර සොයා ගැනේ.
ඉන්දීය නියෝජ්‍ය තානාපති යාපනය නව ආඥාපති හමුවෙයි
 
එංගලන්තයෙන් ගෙන්වන ලද රෝහල් අපද්‍රව්‍ය තොගය යළි සිය වියදමින් එම රටට යවන්නැයි අදාළ ආයතනයට මධ්‍යම පරිසර අධිකාරිය නියෝග කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියා.

කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ ගොඩගසා ඇති, රෝහල් අපද්‍රව්‍ය තොගය එංගලන්තයෙන් ආනයනය කර ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කලාප අංක 4 හි පුද්ගලික ආයතනයක් විසින්.

භාවිත කරන ලද මෙට්ට, පාපිසි, වාහන කාපට් වැනි කොටස් ඇතුළු මිශ්‍ර අපද්‍රව්‍ය මෙම ආයතනය විසින් ආනයනය කර පසුසැකසුම් කර 2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට 2018 වර්ෂයේ ජනවාරි මාසය දක්වා ප්‍රතිඅපනයනය කර ඇති බව සඳහන්.

අපද්‍රව්‍ය අඩංගු අඩි හතලිහේ බහාලු‍ම් 130ක් අවස්ථා 12කදී ආනයනය කර ඇති බවත් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 27 දහස් 685ක් පමණ වන බවත් වාර්තා වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න