Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උඩරට එළවලු මිල ගණන් පහළට

|Mon,22 July 2019|Miscellaneous| Page Views : 278

අලුත් පුවත්
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
එංගලන්තය-අයර්ලන්තය 24 පිටියට
නවසීලන්තයට රග්බි ජයක්
ලක්ෂ 89කට අධික සවුදි රියාල් රේගු දැලේ
වල්ලාපට්ටා තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
මෝටර් රථයක දුම්රියේ ගැටෙයි
 
උඩරට එළවලු මිල පහල වැටිම නිසා ගොවින් තම අස්වැනු අලෙවි කිරිමට නොහැකිව පවතින අයහපත් කාලගුණයත් සමග වගා කර ඇති එළවලු ගොවිපොලවල් වලම විනාශ විමට ඉඩ හැර ඇත.

උඩරට එළවලු ගොවින් මේ දිනවල තම ගොවිපොලවල් වල වගා කර ඇති එළවලු ගෝවා කිලෝවක් රු 20 , ලික්ස් රු 40 , තක්කාලි රු 40 , බිට්රුඩ් රු 60 , බණ්ඩක්කා රු 20 ,පතෝල රු 20 ක් , බෝංචි රු 30 , රාබු රු 40 , වැනි තොග මිලකට අලෙවි වන බවයි ගොවින් කියා සිටන්නේ.

මේ දිනවල නුවරඑලිය අල කිලෝවක් රු 160 ක ටත් , අමු මිරිස් කිලෝවක් තොග මිල රු 500 ට ත් , නයි මිරිස් කිලෝවක් රු 800 තොග මිලක් පැවතියද මේ කන්නයේදි අමු මිරිස් නයි මිරිස් සහ නුවරඑලිය අල වගා නොකරන බවයි උඩරට එළවලු ගොවින් පවසන්නේ.

මේ දිනවල වෙලදපොලේ ඉල්ලුමට වඩා සැපයුමක් තිබෙන නිසා ඇතැම් එළවලු මිල සිඝ්‍රෙයන් පහත වැටි ඇති බවත්, තවත් මාස දෙකකින් පමණ උඩරට එළවලු මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල යන බවයි එළවලු තොග වෙලෙන්දුන් පවසන්නේ.

වෙළදපොලේ එලවළු මිල පහත වැටි ඇති නිසා උඩරට එලවළු ගොවින් තම ගොවිපොලවල් වල අස්වැන්න තිබෙන නිසාත් එම අස්වැන්නට ඉල්ලුමක් නොතිබෙන නිසා එළවලු කොටු පලුවට යාමට ඉඩ හැර ඇත.

තම ගොවිපොලවල් වල පවතින එළවලු වලට සාධාරන මිලක් ලබා දි එම අස්වැන් වෙළදපොලට නිකුත් කිරිමට අවශ්‍යය කටයුතු කරන ලෙස ගොවින් රජයෙන් ඉල්ලා සිටියි.

පවත්නා තත්ත්වය මත තම ආර්ථිකය ද පහල වැටි ඇකි බවයි උඩරට එළවලු ගොවින් පවසන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න