Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිවස උකසට තබා ලක්වම දිනවූ උදේශිනී

|2016-02-16 02:30 PM|Special| Page Views : 27

අලුත් පුවත්
විරෝධතාවයට ජල ප්‍රහාරයක් (UPDATE)
බන්ධනාගාර පරික්ෂාවට පොලිස් සුනඛයින්
සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මියයයි
නවසීලන්තයේ භූ කම්පනයක් (VIDEO)
ඉන්දියාවේ ප්‍රසංග වේදිකාවේ ගින්නක් (VIDEO)
 
දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට ඉන්දියාව බලා යෑමේදී පෞද්ගලික වියදම් සඳහා අවශ්‍ය මුදල් උපයාගැනීමට තරම් වත්කමක් නොමැති වූ ඇයට රුපියල් විසිදහසක මුදලක් ලබාදීමට ඇගේ පියා වන කේ.එම් කපිල කුමාරසිංහ (46) මහතා කටයුතු කර ඇත්තේ දැනට ජීවත්ව සිටින නිවසේ ඔප්පුව උකස් කිරීමෙනි. සිය දියණියගේ දක්ෂතාව මැනවින් වටහාගෙන සිටින පියා ඇය හිමිකරගත් පදක්කම හේතුවෙන් මහත් ප්‍රීතියට පත්ව සිටියි.

රේසින් පාපැදි අංශයෙන් පැවැති තරගයේ කිලෝමීටර 40 ක දුරින් යුතු ඉසව්වේ දෙවැනියා ලෙස තරගය නිම කරමින් ශ්‍රී ලංකා මාතාවට රිදී පදක්කමක් හිමිකරදීමට ඇය සමත්වූවාය.

ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කේ.එම් උදේශනී නිරංජනී කුමාරසිංහ ක්‍රීඩිකාව මගේ අම්මා මියගිහිල්ලා දැනට අවුරුදු 11 ක් වනවා. මාව බලාගන්නේ, මගේ කටයුතු සියල්ලට දිරිය ලබාදෙ‍න්නේ මගේ ආදරණීය තාත්තා. මා 2014 වර්ෂයේදී මිහින්තයේ් පැවැති බක්මහ උලෙළේ පාපැදි තරගාවලියට සහභාගි වෙලා ප්‍රථම ස්ථානය ලබා ගත්තා. මා ඉගෙනුම ලැබූ මිහින්තලය මහා විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා වන අජිත් සේනාධීර මහතා, පාපැදි අංශයට යොමු කරන්න බෙහෙවින් කැප කිරීම් කළා. ඊට අමතරව විදුහල්පති උපුල් චන්ද්‍රසේකර මහතා, ජාතික පුහුණුකරු උපාලි රත්නායක මහතා මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා. පැවැති තරග කිහිපයකටම සහභාගි වී රන් පදක්කම් 13 ක් ඇතුළු පදක්කම් 21 ක් මේ වනවිට ජයග්‍රහණය කර ගැනීමට මට හැකිවුණා.

2014 වර්ෂයේ කොරියාවේ පැවැති තරගයකට සහභාගි වී දෙවැනි ස්ථානය ලබා ගත්තා. කොරියාවේ තරගයට ගියෙත් තාත්තා කුඹුර උකස් කරලා දීපු මුදල් අරගෙන. මෙවරත් තරගයට සහභාගි වෙන්න අවස්ථාව උදාවුණාට, පහසුකම් හෝ මුදල් මට තිබුණේ නැහැ. නමුත් තාත්තා කිවුවා පුතේ මම ගෙදර උකස් තියලා ඔයාට සල්ලි අරන් දෙන්නම් ඔයා තරගයට යන්න කියලා. මම ලොකු අධිෂ්ඨානයකින් තරගයට සහභාගි වුණේ.

ඉන්දියාවේ ක්‍රීඩිකාව තරගයට පාවිච්චි කරපු පාපැදියේ වටිනාකම ලංකාවේ මුදලින් ලක්ෂ 27 ක් විතර වෙනවා. නමුත් මම පැද්දේ මගේ පාපැදි සමාජය වන දීප්ති ක්‍රීඩා සමාජය ලබාදුන් රුපියල් 75000 ක් පමණ වටිනා පාපැදියක්. ඒකෙත් සමහර කොටස් වෙන වෙන අයගෙන් පාපැදිවලින් ඉල්ලා ගත්ත කොටස්. නමුත් ඒ සියලු අභියෝගයන්ට මා මුහුණ දෙමින් තරගාවලියේ දෙවැනියා ලෙස තරගය අවසන් කළා.

හොඳ පාපැදියක් ගන්න ලක්ෂ හය හමාරක් විතර ඕන. ඒක ඉතින් හැමදාම හීනයක් තමයි. වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය මුදලුත් උපයා ගන්නේ හරිම අමාරුවෙන්. හැමදාම ඒ 09 මාර්ගයේ පුහුණු වීම් කරනවා. හැකි පමණින් පාපැදි අංශයෙන් ඉදිරියට යන්න බලාපොරත්තු වෙනවා. ඉදිරියේදී ගුවන් හමුදා පාපැදි සවාරිය ආරම්භ වනවා. ඒකටත් තරග කරලා ස්ථානයක් ලබා ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉදිරියට යන්න ති‍ෙයන එකම බාධකය මුදල් නැතිකම තමයි

මිහින්තලය පදිංචි මෙම ක්‍රීඩිකාව ජයග්‍රහණයක් ලබාගෙන රටට කීර්තියක් අත්කර දී ඇති බව සැලවු උතුරුමැද පළාත් ක්‍රීඩා අමාත්‍ය හා මිහින්තලය ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකොන් මහතා පසුගියදා (13) එම නිවසට පැමිණ ක්‍රීඩිකාවට සුභපැතුම් එක් කළේය. එමෙන්ම රුපියල් හය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා පාපැදියක් ලබාදීමට හැකි උපරිම උත්සාහයක නිරත වීමට පොරොන්දු විය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න