Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාවේ රැදි සිටින සිසුන් 102ක් අද දිවයිනට

|Thu,23 April 2020|Security| Page Views :

ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය. විදේශ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ එහි පළමු කණ්ඩායම පෙරේදා දිනයේ පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි නුවර සිට දිවයිනට පැමිණියේය. ඒ අනුව ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන තිබේ. මේ අතර අද දිනයේ දිවයිනට පැමිණෙන සිසුන් ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න