Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කළු සාගරගේ මත්ද්‍රව්‍ය බෙදාහැරි යුවලක් අත්අඩංගුවට

|Sun 18 April 2021|Miscellaneous| Page Views :

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් ළඟ තබාගෙන සිටි යුවලක් තලංගම පොලීසිය විසින් අද (18) අත්අඩංගුවටගෙන තිබේ. ඒ තලංගම හීනටිකුඹුර ප්‍රදේශයේදීය.

අදාළ කාන්තාව 33 හැවිරිදි නෝනාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අත්අඩංගුවටගත් පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම යුවල මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇති බවය.

දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින බවට සැකකෙරෙන කළු සාගර සහ ඔහුත් සමග ජීවත්වෙන මුතු නැමති කාන්තාවක් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න