Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රියේ ගැටී තවත් තිදෙනෙකු මරුට...

|Mon 19 April 2021|Miscellaneous| Page Views :

දුම්රියේ ගැටීමෙන් සිදුවන මරණවල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, ඊයේ (19) ස්ථාන තුනකදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවට සදහන් කර ඇත.

බූස්ස සහ ගිංතොට අතර දුම්රිය මාර්ගයේ දී 60 හැවිරිදි පුද්ගලයෙක් දුම්රියේ ගැටී මියගොස් තිබේ. පුත්තලම සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 71 හැවිරිදි පුද්ගලයෙක් පුත්තලම ප්‍රදේශයේ දී මියගොස් තිබේ.

මේ අතර හබරාදූව පොලිස් වසමේ තල්පේ, මිහිරිපැන්න ප්‍රදේශයේ දී දුම්රියක ගැටී කාන්තාවක් මියගොස් තිබේ. මේ කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳව තවමත් හඳුනාගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න