සම්බන්ධන් උතුර - නැගෙනහිර සියලු දෙමළ පක්ෂ කොළඹට කැඳවයි
2022-11-25 09:31:17- Page Views : 24 දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් උතුර - නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ අද (25) කොළඹට කැදවා තිබෙනවා.
ඒ, බලය බෙදීම සම්බන්ධයෙන් පොදු මතයකට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
අද පස්වරුවේ මෙම සාකච්ඡාව ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සදහා සහභාගි වන ලෙස දන්වා සියලු දෙමළ පක්ෂවලට ආරාධනා කර ඇති බව යි දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ.
දෙමළ ජාතික සන්ධානය අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී ඡන්දය ලබාදීමෙන්ද වැළකී සිටියා.
පසුගියදා ජනාධිපති රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ බලය බෙදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් සූදානම් බවයි.
අයවැය විවාදයෙන් අනතුරුව ලබන මාසයේ සියලු පක්ෂ සමඟ අදාළ සාකච්ඡා පවත්වන බවයි ජනාධිපතිවරයා එහි දී කියා සිටියේ.