ක්‍රිකට් නීති තුනක් වෙනස් වෙයි
2023 May 16- Page Views : 358 ලබන ජුනි මස පළමු වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග නීති 3ක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
ඒ පිරිමි හා කාන්තා ක්‍රිකට් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව අනුමත කිරීමත් සමගය.
ඒ අනුව පිටියේ විනිසුරුවන් විසින් පන්දු රකින්නෙක් උඩපන්දුවක් රැකගත් බව අපැහැදිලි නම් එය තෙවන විනිසුරුට යොමු කිරීමේදී ඊට අදාළව පිටියේ විනිසුරුවන්ගේ මතය ප්‍රකාශ කිරීම (Soft signal) අවශ්‍ය නොවෙයි.
එමෙන්ම ක්‍රීඩා පිටියේ අධි අවදානම් අවස්ථාවන්හීදී හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
ඒ අනුව පිතිකරුවන් වේගපන්දු යවන්නන්ට මුහුණ දෙන විට, කඩුලු රකින්නන් කඩුල්ල අසලට පැමිණ කඩුලු රැකීමේදී, කඩුල්ල ඉදිරිපස සිට පිතිකරු ආසන්නයේ පන්දු රකිමින් සිටින අවස්ථාවලදී හිස් ආවරණ පැළඳීම අනිවාර්යය වෙයි.
මේ අතර නිපන්දුවකින් පසුව ලබාදෙන ෆ්‍රී හිට් අවස්ථාවේදී පිතිකරුවෙකු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුණු විට එහිදී ලබාගන්නා ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.