මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි
2023 November 20- Page Views : 3 කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී.
කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී.
ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
මෙයට අමතරව නාල්ල ප්‍රදේශයේ නිවාස රැසකට ද ජල ගැලීමෙන් හානිවී සිදුවී ඇත.