WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එට්නා ගිනි කන්ද විදාරණය වේ

2023 December 03- Page Views : 62

ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබේ.

කෙසේ වෙතත් ඉන් මෙතෙක් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව නොමැති බව බලධා‍රීහු පවසති.

එට්නා ගිනි කන්ද සැලකෙන්නේ, යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙසයි.

සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයේ උසම ගිනි කන්ද වන අතර එය නිරන්තරයෙන් විදාරණයට ලක් වේ.

කෙසේ වුවද ඉන් සැලකිය යුතු හානියක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

මෙවර ද මෙතෙක් ඉන් කිසිදු අවදානම් සහගත තත්ත්වයත් උද්ගතව නොමැති බව බලධාරීහු පවසති.

විදාරණය වීම සම්බන්ධයෙන් ලොව පැරණිතම ලේඛනගත ඉතිහාසයක් ඇති ගිනි කන්ද ලෙස එට්නා ගිනි කන්ද සැලකේ.

එය ක්‍රිස්තු පූර්ව 425 වසරේ දී පවා විදාරණය වී ඇතැයි ලේඛනවල සඳහන්ය.