මියන්මාරයේදී ත්‍රස්තයින්ට කොටුවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී
2024 March 04- Page Views : 4 මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ කලාපයේ රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගත් බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකදී ඔහු සදහන් කළේ එම කාලාපයේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 56 දෙනාගෙන් 08 දෙනෙකු මියන්මාර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් අද පෙරවරුවේ මුදාගෙන ඇති බවය.
එම පිරිස මේ වනවිට මියාවඩි පොලිස් භාරයේ ආරක්ෂිතව රඳවා ඇති බව වාර්තා වෙයි.
අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.