ආර්ථික වර්ධනයේ පළමු ’’හැන්ද’’ ඇත්තේ ගුරුවරුන් අතේ
2024 July 12- Page Views : 13 රටක ආර්ථික වර්ධනයේ ප්‍රධානතම කොටස අධ්‍යාපනය බැවින් ගුරුවරුන් අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
එදා අධ්‍යාපන ක්‍රමයට වඩා අද අධ්‍යාපන ක්‍රමය වෙනස් හෙයින් අලුත් ඉලක්කයකට අධ්‍යාපන ක්‍රමය ගෙන යා යුතුව ඇතැයි අබේවර්ධන මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද “Navigator Higher Education and Career Expo” අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (12) සහභාගී වෙමිනි .
යුගයේ අධ්‍යාපන අවශ්‍යතාවය පිළිබඳ පාසල් දූ දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙම “Navigator Higher Education and Career Expo” අධ්‍යාපන වැඩසටහන සංවිධානය කර තිබේ.
එහි ප්‍රධාන ආරාධිතයා වූ වජිර අබේවර්ධන මහතා එම විද්‍යාලයේ ආදි ශිෂයෙකු වීමද විශේෂත්වයක් විය.