බදුල්ලේ අනතුරින් සිසුවියන් දෙකක් මරුට 40කට තුවාල
2024 November 01- Page Views : 359 බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී අද (1) උදෑසන සිදු වු අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගොස් 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම බස් රථයේ ගමන්ගමන් කර ඇතැයි පොලීසිය කියයි.
මෙම සිසුන් රැගත් බස්රථය පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ සිට රන්දෙණිගල බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
මේ වනවිටත් බදුල්ල පොලිසියේ නිලධාරීන් බදුල්ල මහ නගර සභා ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් එක්වී බස්රථය තුළ සිරවී සිටින තුවාලකරුවන් ඉවතට ගැනීමේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවති .