අභිරහස් ලෙස මියගිය ප්‍රාදේශීය සභා නිලධාරිවරයාගේ සිරුර පාරකින් හමුවෙයි
2024 November 04- Page Views : 8 යාපනය නල්ලූර් ප්‍රාදේශීය සභාවේ වැඩ අධීක්ෂකවරයා අභිරහස් ලෙස කොණ්ඩාවිල් ප්‍රදේශයේ ස්ථානයක මියගොස් වැටී සිටියදී ඊයේ (03) කෝපායී පොලිසිය සොයා ගෙන තිබෙනවා.
බාහිර තුවාල හෝ රුධිරය වහනය වීම් කිසිවක් ඔහුගේ මළ සිරුරේ දක්නට නොමැති බවයි කෝපායී පොලිසිය ප්‍රකාශ කළේ.
ඔහු මියයාමට හේතුව හෝ මියගොස් ඇති අන්දම පිළිබදව මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නොමැති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
කෝපායී පොලිසිය මේ වනවිට ඥාතීන්ගෙන් හා ප්‍රාදේශීය සභාවේ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ හතරක් සටහන් කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.