ශ්‍රී ලංකාවට ලකුණු 7ක ජයක්
2025 January 02- Page Views : 31 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසිලන්තය අතර තුන්වන පන්දුවාර 20-20 තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 218 ක් රැස්කළා.
මෙහිදී ශතකයක් වාර්තා කිරීමට කුසල් ජනිත් පෙරේරා සමත්වුණා.
ඔහු ලබා ගත් ලකුණු 101කට වැය කර තිබුණේ පන්දු 46ක් පමණයි.
ඊට 4 පහර 13ක් හා 6 පහර 4ක් ඇතුලත් වුණා.
මෙය වාර්තා අතරට එක්වුයේ පන්දුවාර 20-20 තරගයකදී වසර 13කට පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් ශතකය ලෙසටයි.
මෙම තරගයේ දී චරිත් අසලංක ලකුණු 46ක් රැස්කළා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසිලන්තයට කඩුලු 7ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 211 පමණි.
කෙසේ වුවත් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගත්තේ නවසිලන්තයයි.