WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

U19 Women World Cup: ශ්‍රී ලංකාවට ලකුණු 119 ක ඉලක්කයක්

2025 January 23- Page Views : 30

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 118 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලිමන්සා, අසේනි සහ ප්‍රමුදි කඩුලු 2 බැගින් සහ චමෝදි, රෂ්මිකා, මදුනි එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 119 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.