SL vs AUS 1st Test: තරගයේ තුන්වන දිනය අදයි
2025 January 31- Page Views : 32 ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඊයේ (30) නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු සංඛ්‍යාව 610 ක් පිටුපසින් රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ ඕෂද ප්‍රනාන්දු හා දිමුත් කරුණාරත්න ලකුණු 7 බැගින් ලබා සිටියදී දැවී ගිය අතර ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 8ට දැවී ගියා.
දිනේෂ් චන්දිමාල් හා කමිදු මෙන්ඩිස් මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටින අතර ඔවුන් පිළිවෙළින් නොදැවී ලකුණු 9 ක් හා 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 654 ක්.