WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම්

2025 July 12- Page Views : 5

2026 වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලියට ඊයේ (11) හැකිවිය.

ඔවුන් සිය ක්‍රිකට් දිවියේ ලෝක කුසලාන තරගායවලියකට සුදුසුකම් ලැබූ පළමු හා එකම අවස්ථාව මෙයයි.

2007 වසරේ දී ආරම්භ වූ ICC පිරිමි T20 ලෝක කුසලානයේ මේ දක්වා කාලය තුළ රටවල් 24ක් අවම වශයෙන් එක් අදියරකට හෝ සහභාගී වී තිබේ.

ඒ අනුව එම රටවල් අතරට එක් වූ 25වන රට බවට ඉතාලිය පත්විය.

එමෙන්ම එංගලන්තය, අයර්ලන්තය, නෙදර්ලන්තය හා  ස්කොට්ලන්තයෙන් පසු ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩාකරන 5වන යුරෝපානු රට බවටද ඉතාලිය පත්වනු ඇත.

එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් පැවති යුරෝපීය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමත් සමග ඔවුන්ට මෙම අවස්ථාව හිමිවිය.

මූලික වටයේ තරග අවසන් කරමින් තීරණාමක තරගය ඊයේ නෙදර්ලන්තය හා ඉතාලිය අතර පැවැත්විණි. 

එම තරගයේ පළමුව පළමුව පන්දුවට පහරදී ඉතාලිය ලබාදුන් ලකුණු 135ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන් පසුකර යාමට සත්කාරක නෙදර්ලන්තයට හැකිවිය.

නෙදර්ලන්තයේ මෙම ඉලක්කය පන්දුවාර 16.2කදී සම්පූර්ණ කරගත් අතර, ඔවුන් එය 15 වන පන්දුවාරයේදී සම්පූර්ණකරගත් නම් ලෝක කුසලාන වරම් හිමිවන්නේ ඉතාලියට නොව ජර්සියටය.

ඉතාලිය සහ ජර්සි යන දෙකම ප්‍රසාද ලකුණු 5 බැගින් හිමිකරගෙන සම තත්ත්වයේ පසුවූ නමුත්, දළ ලකුණු වේගය අනුව ඉතාලියට දෙවන ස්ථානයේ රැඳී සිටීමට හැකිවිය.

මෙම ජයත් සමග නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්විය.

ලෝක කුසලාන තරගාවලි කිහිපයකටම ක්‍රීඩාකර ඇති ස්කොට්ලන්තය ද මෙම තරගාවලියට ක්‍රීඩාකළේය.

එහෙත් ඔවුන් ඉතාලියට මෙන්ම ලොව කුඩා රාජ්‍යයක් ලෙස සැලකෙන ජර්සි හමුවේ ද පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 4වන ස්ථානයට පත් වූ හෙයින් ලෝක කුසලාන වරම් වේලාසනම අහිමිකරගන තිබුණි.