Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය

|Tue,01 March 2016 11.20 AM|Political| Page Views : 25

අලුත් පුවත්
අර්තාපල් ලොකු ලූණු ආනයන බද්ධ රු. 20කින් ඉහළට
IS පරිගණක ජාලයට අමෙරිකාවෙන සයිබර් ප‍්‍රහාරයක්
செந்தில் தொண்டமானை கைது செய்யுமாறு ஹட்டன் நீதிமன்றம் பிடியாணை
දෝනිගේ වැරදි විතරක් රෙකෝඩ් වෙන කඩුල්ලේ ඇති ගුප්ත මයික්‍රෆෝනය
 
සිංගප්පූරුව, ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇතැයි චැනල් නිව්ස් එෂියා පුවත් සේවය වාර්තා කර ඇත.

එරට ඊයේ(29) පැවැති මාධ්‍ය හමුවකදී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයෙක් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

2016 ජනවාරි මාසයේ දී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය එරට දී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ දින දෙකක පැවැති සාකච්ඡාවටයක දී මෙම තීරණය ගෙන ඇත.

එහිදී සිංගප්පූරුව එකඟ වී ඇත්තේ සැළසුම්කරණය, මානව සම්පත් සංවර්ධනය හා පුහුණු කටයුතු යන ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ය.

කෙසේ නමුත් මෙම වැඩපිළිවෙලේ සියලු තීන්දු තීරණ හා අධීක්‍ෂණ කටයුතු සිදු කරනුයේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසිනි.

පසුගිය වසරේ අමාත්‍ය මංගල සමරවීර මහතා සිංගප්පූරුවේ සංචාරයක නිරත විය. එහිදී ඇමතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙලක් දියත් කෙරේ.

වත්මන් ශ්‍රී ලංකා රජය සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන අතර එවැනි කි‍්‍රයාකාරකම් සඳහා සිංගප්පූරුව අනුගමනය කළ ක‍්‍රමවේද පිළිබඳව අවබෝධයක් ශ‍්‍රී ලංකාවට ලබාදීමට හැකියාව පවතින බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න