Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්

|Tue,01 March 2016 02.30 PM|Miscellaneous| Page Views : 25

අලුත් පුවත්
ප්‍රථම වතාවට ලෝක කුසලානයට විනිසුරුවරියන්
බ්‍රෙන්ඩා ඉන්නකන් වැන්ඩා යනවා !
යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයට
කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්
 
දෙවුන්දරින් මුහුදු ගිය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී පහර දීමකට ලක්ව තිබේ.

එලෙස පහර දීමට ලක්ව ඇත්තේ, දෙවුන්දර පුරාණවැල්ලෙන් පසුගිය 16 වන දා ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය දිල්රුක් පුතා 6 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකි.

ත්‍රීකුණාමලයට සැතපුම් 150 ක් පමණ දුරින් වූ මුහුදු තීරයේදී පෙරේදා ඔවුන් එලෙස පහර දීමට ලක්ව තිබේ.

දිල්රුක් පුතා 6 ධීවර යාත්‍රාවේ හිමිකරු දෙවුන්දර රෝෂන් දිල්රුක් මහතා පැවසුවේ, 20 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉන්දීය ධීවරයින් පිරිස එලෙස තම ධීවරයින්ට පහර දී ඇති බව ය.

පහරදීමෙන් අනතුරුව පැමිණි පිරිස යාත්‍රාවේ තිබූ භාණ්ඩ රැසක් පැහැර ගෙන ගොස් ඇත බව ද ඔහු සඳහන් කළේ ය.

නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක, කැප්ටන් අක්‍රම් අලෙවි මහතා පැවසුවේ, අදාළ යාත්‍රාව පේදුරුතුඩුවට ගෙනැවිත් ඇති බව ය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න