Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශිවශක්ති ආනන්දන්ගෙන් ලිපියක්..

|Thu 05 Jan 2016 15.45|Security| Page Views : 94

අලුත් පුවත්
ලොතරැයි අලෙවි නියෝජිත වර්ජනයට ජනපති අත දායි.
Dhoni steps down as India’s ODI, T20 captain
රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු !
කැලෑ එලි පෙහෙලි කර කැල්සයිඩි ව්‍යාපෘති අරඹයි !
පාතාල සාමාජිකයෙක් ඝාතනය කරයි !
Iraqi forces gaining momentum in Mosul
Sri Lanka’s biggest tyre factory project begins today
New Chinese Defence Attaché calls on Navy Commander
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ ටීටීඑන් වෙබ් අඩවිය වෙතිනි)

වන්නි දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩාවට පත්ව සිටි මහජනතාවට සාහනාධාර ලබාදිය යුතු බව අවධාරණය කල දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන්, වගා ලිං ඉදිකිරීමට ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලීමක් කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් 2017.01.03 වන දින ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රිදර්ශණ යාපා වෙත යවා ඇති ලිපියේ මේ බව සඳහන් කර ඇත.

“මෝසම් වැසි ඇති නොවීම හේතුවෙන්, උතුරු පළාත සම්පූර්ණයෙන්, විශේෂයෙන් වන්නි දිස්ත්‍රික්කය දැඩි නියඟයකට මුහුණපා ඇත. පානීය ජල ගැටළුවේ සිට ගොවිතැන් කටයුතු දක්වා ඇති සියල්ල ප්‍රශ්නාර්ථයක්වී ඇත. ගොවිතැන් කටයුතු සිදුකර ඇති කුඹුරුවලට ජලය නොමැතිවීම හේතුවෙන් විනාශ වෙමින් තිබේ.

මෙම නියඟ කාල ගුණය දිර්ඝ වන බව අනාවැකි ප්‍රකාශ කර ඇත. ඒ අතරම, ගොවි ඉඩම්වල කුලී රැකියාවේ නිරතවූ බොහෝ පුද්ගලයින් මේ වනවිට රැකියා නොමැතිව විශාල අර්බුධයකට මුහුණදී ඇත.

ඉදිරියේදී විශාල පානීය ජල ගැටළුවක් ඇතිවීමේ තත්වයක් උද්ගත වෙමින් තිබේ. කඩිනමින් ක්‍රියාමාර්ග නොගතහොත්, විවිද ගැටළුවලට මහුණදිය යුතු තත්වයක් උද්ගතවනු ඇත.

මෙම තත්වය තේරුම්ගෙන කඩිනමින් ක්‍රියාමාර්ග ගෙන, ගොවි ඉඩම් බේරා ගැනීමට වගා ලිං, විනාශවූ ගොවිතැන් කටයුතුවලට වන්දි මුදල්, නියඟ සහණාධාර, ගොඩබිම් වගා සඳහා ධන්‍ය වර්ග, බීජ, වගා කටයුතු දියුණු කිරීම, අනෙකුත් පහසුකම්, ජල පොම්ප ඇතුළු පානීය ජල ගැටළු විසඳිමට හැකි සියළු ක්‍රියාමාර්ග ගෙන, උපකාර කරන මෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් එම ලිපියේ සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright © 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න