Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජැකලින් අතින් ද බොඩි ෂොප් විවෘත වේ

|Tue,01 March 2016 05.15 PM|Miscellaneous| Page Views : 33

අලුත් පුවත්
ඇම්බියුලන්ස් සේවයට ඉට්කා සම්බන්ධ නෑ
විදුලිය සමග කුරුණෑගල සැත්කම්ද ඇන හිටී
ත්‍රිවිධ හමුදා සාග් ජයග්‍රාහකයින් මාධ්‍යයට හඳුන්වා දෙයි
කාන්තාවන් තුනකුයි එක පුද්ගලයෙකුයි කරපු වැඩේ මාට්ටු වෙයි
හතරවන මහලෙන් ඇද වැටී තරුණයා මරුට
Facebook භාවිතය ඉහළට
ගාමිණී තිලකසිරි අද දිවුරුම් දෙයි
 
කොළඹ 03 ගාලූ පාරේ ෆෙයාලයින් ගොඩනැගිල්ලේ පිහිටා ඇති මෙම අලෙවිසැල ‍විවෘත කිරීමේ අවස්ථාවට බොඩි ෂොප් හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකික රූරැජිනක් හා බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩස් මෙනෙවිය, සමාගමේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ ටෙ‍්‍රවර් රාජරත්නම් මහතා සහ මෙරට ද බොඩිෂොප් අලෙවිසලේ හවුල්කාරීත්වය දරන සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතාද සහභාගී විය.

සියයට සියයක් ශාඛමය අමුද්‍රව්‍යවලින් සැකසූ ස්කින් කෙයා, බාත්, ෂවර්, බොඩි කෙයා, මේක්-අප්, හෙයා, සුවඳ විලවුන්, පිරිමින් සඳහා වන නිෂ්පාදන සහ තෑගි භාණ්ඩ ද බොඩි ෂොප් වෙතින් ලබාගත හැක. මෙසේ ලොව අතිශයින් ජනප‍්‍රිය නිෂ්පාදනවලට අමතරව සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සමේ සත්කාර උපදේශන සේවා, මේක්-අප් යෙදීම සහ විශේෂ රූපලාවණ්‍ය සේවා ආදිය පිරිනැමීමටද ද බොඩි ෂොප් කටයුතු කරයි.

මෙම අවස්ථාවේදී ජැක්ලීන් ෆර්නෑන්ඩස් අදහස් දැක්වූයේ මෙසේය :

මම දිගු කාලයක් තිස්සේ ද බොඩි ෂොප් එක්ක සමීපව කටයුතු කරනවා මම ද බොඩි ෂොප් නිෂ්පාදනවලට ඇබ්බැහි වුණු කෙනෙක්. මම ඒවාට ගොඩක්ම කැමති ලෝකයේ රටවල් රැසකින් ලබාගන්නා හොඳම අමුද්‍රව්‍ය මේ නිෂ්පාදනවලට භාවිතා කර තිබෙන නිසයි මේ වගේ ස්වාභාවික සහ යහපත් නිෂ්පාදන ගෙනෙන සමාගමක් අපේ රටේ ශාඛාවක් විවෘත කිරීම මට ලොකු සතුටක්.

සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අශෝක් පතිරගේ මහතා අවධාරණය කළේ ද බොඩි ෂොප් යනු තමන් බෙහෙවින් ගෞරව කරන, සහ සොෆ්ට්ලොජික් සමූහයේ වටිනාකම්, දැක්ම සහ සංස්කෘතියට පදනම් වී ඇති මූලධර්මම පිළිපදින සමාගමක් බවයි. ඒ නිසා එම සමාගමේ අලෙවිසැලක් කොළඹ නගරයේ විවෘත වීම ගැන තමන් බෙහෙවින් සතුටු වන බව ඔහු පැවසී ය.

වසර 1976 දී ඇනිටා රොඩික් විසින් එංගලන්තයේ ලිට්ල් හැම්ප්ටන් ප‍්‍රදේශයේ ආරම්භ කළ ද බොඩි ෂොප් මේ වනවිට ජාත්‍යන්තර තලයේ රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමයක් බවට පත්වී ඇත. මේ වනවිට එම සමාගම සතුව රටවල් 60 කට අධික සංඛ්‍යාවක අලෙවිසැල් 3,000 කට අධික සංඛ්‍යාවක් පවතී.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න