Welcome Ikman.news
 

 

 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සිදුවුයේ කුමක්ද?

|Sat,07 Jan 2016 12.48|Security| Page Views : 129

අලුත් පුවත්
U.S. ambassadors appointed by Obama must quit
එච්.අයි.වී ආසාදිතයන්ගේ වැඩිවීමක්
ඉන්දීය ධීවරයින් 50ක් නිදහස්
අනතුරින් තරුණයින් දෙදෙනෙකු ජිවිතයෙන් සමු ගනී
Two nabbed with stock of dried sea cucumbers and shark fins
Five killed in shooting at Florida airport
Lawyers in Chennai to challenge Sri Lanka at the UN
TNA party leaders meet in Colombo with Sampanthan
 
(මෙම ලිපිය පරිවර්තනය කලේ තමිල්වින් වෙබ් අඩවිය වෙතිනි)

දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සෘජුව සාකච්ඡා කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය ලබා ඇති දේශපාලන පක්‍ෂ, විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ෆෙඩරල් පාලන ක්‍රමයක් හැර, ශ්‍රී ලංකා රජය විසින් වෙනත් යෝජනා ඉදිරිපත් කළහොත්, ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස මෙම පක්‍ෂ ආර්.සම්බන්ධන් මහතාට 2017.01.06 වන දින අවධාරණය කර ඇත.

2016 වර්ෂය අවසානයට පෙර, දෙමළ ජනතාව සඳහාවන විසඳුමක් ලබාදෙනු ඇති බව විපක්‍ෂ නායක මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් 2015 වර්ෂයේදී ප්‍රකාශ කර තිබුණි. නමුත්, මේ දක්වා කිසිඳු දේශපාලන විසඳුමක් ලබාදී නොමැති අවස්ථාවකදී, විසඳුම් යෝජනා පිළිබඳ සාකච්ඡා පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මෑතකදී ප්‍රකාශ කර තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී 2017.01.06 වන දින පවත්වා ඇත. එම රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ.සුමන්දිරන්, ටී.සිද්ධාර්ථන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහභාගි වී ඇත.

ෆෙඩරල් පාලන විසදුමක් සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ඇතුළු දෙමළ ජනතාව බලාපොරොත්තු වන විසඳුම් යෝජනාවක් ඉදිරිපත් නොකර, වත්මන් රජය වෙනත් යෝජනා ඉදිරිපත් කරන්නේ නම්, එය ප්‍රතික්ෂේප කළ යුතු බව ආර්.සම්බන්ධන් මහතාට මෙම රැස්වීමේදී බලකර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

මෙවැනි පසුබිමකදී, අදාල රැස්වීම අවසන්වීමෙන් පසු, විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් මාධ්‍යයට අදහස් දක්වා ඇත. අද දින සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉතාමත් සාර්ථකව පැවැත්වුණි. සියළු දෙනා තම අදහස් නිදහසේ ඉදිරිපත් කරන ලදි.

එම අදහස් ඇතුලත් කරගෙන, ඒවා පදනම් කරගෙන කටයුතු කරන්නෙමු. දෙමළ ජනතාවගේ ගැටළුවලට තිරසාර දේශපාලන විසඳුමක් ලැබෙන තුරු සමගියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නෙමු. 2016 වර්ෂයේදී බොහෝ වෙනස්වීම් සිදුවී ඇත.

පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස වෙනස් කර තිබීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට සියළු දේශපාලන පක්‍ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත්කීරිම ඇතුළු කරුණු එයට උදාහරණයක් ලෙස පෙන්වාදිය හැකිය යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න