Welcome Ikman.news
 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 
     IKMAN NEWS - FOREIGN NEWS
  ඉන්දියාව යළි විජයග්‍රහණය කළා – නරේන්ද්‍ර මෝදි
|Fri, 24 May 2019|Security| Page Views : 4
ඉන්දියාව යළි විජයග්‍රහණය කළ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ, මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.සියල්ලන්ගේ විශ්වාසය මෙන්ම සියල්ලන්ගේ සංවර්ධනය තුළින් විශිෂ්ට ඉන්දියාවක් ගොඩනැගෙනු ඇතැයි ඔහු ඉන් ප්‍රකාශ කර තිබුණි....

  ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද
|Thu, 23 May 2019|Miscellaneous| Page Views : 154
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද නිකුත්කිරීමට නියමිත වේ.ඉදිරි පස් වසර සඳහා ලොව පැවැත්වූ විශාලතම ප්‍රජාතන්තවාදී මැතිවරණය ලෙස සැලකෙන මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 900කි.මෙවර මැතිවරණයෙන් ජය ගැනීමට ආසන 543 කින් යුත් ඉන්දීය පහළ මන්ත්‍රණ සභාවේ ආසන 272 ක් හිමි කරගැනීමට ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට සිදුවනු ඇති.......

  WhatsApp හා Facebook වෙබ් අඩවි අවහිර කෙරේ
|Thu, 23 May 2019|Security| Page Views : 121
ඉන්දුනිසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන විරෝධතා හමුවේ එරට සාමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.WhatsApp හා Facebook වෙබ් අඩවි එලෙස අවහිර කර ඇත්තේ, එම වෙබ අඩවි හරහා අසත්‍ය පුවත් පළවීම හේතුවෙනි.මීට අමතරව Instagram වෙබ් අඩවියට පිවිසීමට ද අපහසුතා මතුව ඇතැයි වාර්තා වේ.හිටපු ජනපති ජොකෝ විඩොඩෝ යළි බලයට පත්වීමට එරෙහිව පැවැත්වෙන

  අත්හැර දැමීමකට සිංගප්පූරු - මැලේසියා නායකයින් සුදානමින්
|Wed,22 May 2019|Miscellaneous| Page Views : 60
යෝජිත සිංගප්පූරු - මැලේසියා නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හැර දැමීමට දෙරටේ ප්‍රධානීන් තීරණය කර තිබේ.ඒ මඟින් දෛනිකව පැයකට මගීන් 10 000කට ප්‍රවාහන පහසුකම් සැපයීමට නියමිතව පැවැතියේය.සිංගප්පූරුව සහ මැලේසියාව අතර ඉදිකිරීමට යෝජිතව පැවැති අන්තර් රාජ්‍ය දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නවත්වාදැමීමට දෙරටම එකඟවී තිබේ....

  අයිෆල් කුලුණ වසා දැමුවේ ඇයි?
|Wed,22 May 2019|Miscellaneous| Page Views : 49
ප්‍රංශයේ සප්‍රකට අයිෆල් කුළුණ වසා දැමීමට පැරිස් නුවර බලධාරීන් කටයුතු කර තිබුණි.ඒ වෙත ගොඩවීමට පුද්ගලයෙකු උත්සාහ කිරීම හේතුවෙන් එය වසා දැමීමට සිදුවූ බව එරට බලධාරීන් සදහන් කරන්නේය. පැරිස් නුවර ඓතිහාසික අයිෆල් කුළුණ වෙත නැගීමට පුද්ගලයෙක්උත්සාහ කිරීම හේතුවෙන් එහි සිටි ජනතාව ඉන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.....

  යළිත් ඉන්දුනීසියානු ජනාධිපතිධූරය ජොකෝ විඩෝඩෝට
|Tue,21 May 2019|Miscellaneous| Page Views : 3
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලෙස ජොකෝ විඩෝඩෝ යළි තේරී පත් වී තිබේ.පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට පත්ව ඇති බව වාර්තා වන්නේය.67 හැවිරිදි ප්‍රභාවෝ එම ප්‍රතිඵලයට අභියෝග කරන්නේ ද යන්න පිළිබද මෙතෙක් තහවුරු කර නැහැ.ජොකෝ විඩෝඩෝ සියයට 55යි දශම 5ක ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රභාවෝ

  විකට නළුවා ජනපති ධූරයේ දිවුරුම් දෙයි
|Tue,21 May 2019|Miscellaneous| Page Views : 4
යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස වොලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ(20) දිවුරුම් දුන්නේය.ඒ සමඟ එරට අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ සෙලෙන්ස්කි වඩාත් ප්‍රකටව සිටින්නේ ප්‍රහසන නළුවෙකු ලෙසයි.ඔහු එක්තරා ප්‍රහසනාත්මක රූපවාහිනී වැඩසටහනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ලෙස චරිත.....

  ඊජිප්තුවේ සංචාරක බස් රථයකට ප්‍රහාරයක්
|Mon,20 May 2019 |Miscellaneous| Page Views : 11
ඊජිප්තුවේ ගීසා පිරමීඩ අසළ ප්‍රදේශයකදී සංචාරකයින් රැගත් බස් රථයකට ප්‍රහාරයක් එල්ල විය.එහිදී පිපිරීමක් සිදුව ඇති බවද සඳහන්.එහි කෞතුකරගාරයක් අසළදී බස් රථය එම ස්ථානය පසුකරනවාත් සමගම මෙම පිපිරීම සිදුව තිබේ.ඉන් තුවාල ලැබූ බහුතරයක් විදේශීය සංචාරකයින් බවටයි වාර්තා වන්නේ.........

  ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ජය මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානයට
|Sun,19 May 2019|Special| Page Views : 6
ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ නායකත්වයෙන් යුත මධ්‍ය දක්ෂිනාංශික පාලක ලිබරල් සන්ධානයට ජයග්‍රහණය හිමිව තිබේ.

  නවසීලන්ත අගමැතිනිය සිංගප්පූරුවට
|Sat,18 May 2019|Miscellaneous| Page Views : 9
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණ ඇත.දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කෙරෙන ගිවිසුමකට අත්සන් තැබීමට ඇය එහිදී කටයුතු කළාය.සිංගප්පූරු සංචාරයේ ප්‍රථම දිනයේදී සිංගප්පූරු ජනාධිපති නිල නිවස වන ඉස්තානා මැදුර වෙත පැමිණි අගමැතිවරිය පිළිගැනීම මහත් හරසරින් සිදුවුණි.එම අවස්ථාවට සිංගප්පූරු අගමැති ලී ෂියන් ලුන් මහතා එක්ව සිටියේය.

  ඉන්දුනීසියාවට භූ කම්පනයක්
|Sat,18 May 2019|Security| Page Views : 6
ඉන්දුනිසියාවේ ජාවා ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන ඇත.රිච්ටර් මාපකයේ ඒකකයේ 5.6ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.භූ කම්පනයෙන් පසු පසුකම්පන කිහිපයක් ද වාර්තා වී ඇත.කෙසේවෙතත් සිදුවු ජීවිත හෝ දේපල හානි සම්බන්ධයෙන් මේ වන තෙක් වාර්තා වී නැත.........

  නිවෙස් තුළට වී සිටින්නැයි දැනුම් දීමක්
|Wed,15 May 2019 |Security| Page Views : 8
මෙක්සිකෝ සිටි නිවැසියන්ට නිවෙස් තුළට වී කාලය ගතකරන ලෙස මෙක්සිකෝ බලධාරීන් දන්වා තිබේ.අගනුවරට බලපා ඇති අවදානම් සහගත වායු දූෂණය හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වෙයි.මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී අගනුවර හදිසි අවදානම් තත්ත්වයක් නම් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.ලොව ජනාකීර්ණම නගරයක් වන මෙක්සිකෝ සිටී අගනුවර දැඩි සේ.....

  විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘට එරෙහි දූෂණ චෝදනා ගැන යළි විමර්ශන
|Mon, 13 May 2019|Miscellaneous| Page Views : 9
විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට එරෙහි දූෂණ චෝදනාව සම්බන්ධයෙන් යළි විමර්ශණයක් සිදු කරන බව ස්වීඩන් බලධාරීන් පවසයි.ලිංගික අපචාර චෝදනාවක් එල්ලවී සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට වසර 7ක පමණ කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ හිමිවිය.ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන නීතිමය කටයුතු සඳහා ඔහු ස්වීඩනයට.....

  ජාත්‍යන්තර සම්බාධකවලට එක්සත්ව කටයුතු කරනවා
|Mon, 13 May 2019|Miscellaneous| Page Views : 9
ජාත්‍යන්තර තහංචිවලට එරෙහිව මුහුණ දීම සඳහා එක්සත්ව කටයුතු කරන ලෙස ඉරාන ජනාධිපති හසාන් රුහානි පවසා තිබේ.ටෙහෙරාන් නුවරදී දේශපාලන ක්‍රියාකාරින් පිරිසක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.ජාත්‍යන්තර සම්බාධක හේතුවෙන් ඉරානය දැඩි පීඩනයකට ලක්ව සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත. 1980-88 කාලයටත් වඩා මේ වනවිට ඉරානයේ ආර්ථිකය නරක තත්ත්වයට පත්ව ඇති

  මානසික උපදේශන සේවා සඳහා රාජකීයන්ගේ අවධානය
|Sat, 11 May 2019|Miscellaneous| Page Views : 102
මානසික උපදේශන සේවා ලබාදීමේ අරමුණින් නව දුරකථන පණිවුඩ සේවාවක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රාජකීයන් පිරිසක් කටයුතු කර ඇත.විලියම්, හැරී කුමාරවරු සහ ඔවුන්ගේ භාර්යාවන් මෙම කර්තව්‍යයට දායක වී සිටියි.සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව ඇය පිළිබඳව කිසිවක් නොසිතා සිටීමට දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ කළ මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව.....

  මුදාගැනීමේ මෙහෙයුමකදී ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
|Sat, 11 May 2019|Miscellaneous| Page Views : 143
අප්‍රිකාවේ බටහිර සාහෙල් කලාපයේදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධව වූ ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව ඇත.කෙසේ වෙතත් අදාල ප්‍රාණ ඇපකරුවන් පිරිස නිරුපද්‍රිතව මුදාගෙන තිබුණි.අප්‍රිකාවේ බටහිර සාහෙල් කලාපයේදී ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සිව්දෙනකු මුදවා ගැනීම සඳහා සිදුකළ මෙයෙහුමකදී ප්‍රංශ සොල්දාදුවන් දෙදෙනකු ඝාතනයට ලක්වුණි.....

  බ්‍රිතාන්‍ය රජ පවුලේ හත් වෙනි උරුමක්කාරයා
|Thu, 09 May 2019 |Security| Page Views : 97
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ආදිපාද හැරී කුමාරාටත් මේගන් මාකල් ආදිපාදවරියටත් දාව උපන් පුතණුවන්ට නම් තබා තිබේ.ඒ, ආචි හැරිසන් මවුන්ට් බැට්න් වින්ඩ්සර් ලෙසයි.රාජකීය බිළිඳෙකුට නමක් තැබීම පිළිබඳව විශේෂයෙන් සැකසුණු නීතිරීති මාලාවක් නොමැත.නමුත් එය බොහෝවිට සිදු වන්නේ සම්ප්‍රදායට තැන දෙමින්ය.මේ අතර සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය බිලිඳු පුතු සමග ප්‍රථම වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියේය.

  දේවස්ථානයක් ආසන්නයේ පිපිරිමකින් 8ක් මරුට
|Thu, 09 May 2019|Miscellaneous| Page Views : 62
පාකිස්ථානයේ ලාහෝර් නුවර ඉස්ලාම් දේවස්ථානයක් ආසන්නයේ සිදු වූ පිපිරිමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.ප්‍රහාරයෙන් පොලිස් නිළධාරින් ඇතුළු තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.දකුණු ආසියාවේ පැරණිතම ඉස්ලාම් දේවස්ථානයක් අසල මෙම පිපිරිම සිදුව ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව සදහන්.

  ගුවන් අනතුරකින් 13 ක් මරුට
|Wed, 08 May 2019|Security| Page Views : 136
මෙක්සිකොවේ උතුරුදිග කඳුකර ප්‍රදේශයේදී කුඩා ගුවන්යානාවක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් 13දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ.ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු බොක්සිං තරඟයක් නැරඹීමට ගිය පිරිසක් නැවත පැමිණීමේදී මෙලෙස අනතුරට ලක්වී ඇත.මියගිය අය අවුරුදු 19ත් 55ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් අතර එකම පවුලේ පස්දෙනකු ද සිටින බවත් සඳහන් වේ.....

  නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා 55 ක් මරුට
|Wed, 08 May 2019|Security| Page Views : 78
නයිජිරියාවේ අගනුවර වන නියාමේ නගරයේ වීදියක ගමන්ගත් ඉන්ධන පිරවූ රථයක් පිපිරීමෙන් 55දෙනකු මියගොස් ඇත.අනතුරට ලක්වු බවුසරයෙන් කාන්දු වූ තෙල් ලබාගැනීම සඳහා බොහෝ පිරිස් එක්රැස්වී සිටි බවත් එක්වරම බවුසරය පුපුරාගොස් මහත් අනතුරක් සිදුවූ බවත් බලධාරීහු පවසති.සිද්ධියෙන් තුවාල ලැබූ 37දෙනකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග

 
Current Page: 1 Total Pages:1
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න